Headlines

මත්තල ,හම්බන්තොට සහ අපේ ඇත්තෝ.

Posted by srilanka guardian | Tuesday, April 22, 2014 | Posted in ,

හර්ෂි සි. පෙරේරා 

මත්තල සහ හම්බන්තොට සංචාරය කල විපක්ෂ මන්ත්‍රීවරුන්ට පහරදීම ගෝත්‍රික ආණ්ඩුවක ගෝත්‍රික ක්‍රියාවකි. එයට සම්බන්ද සැමට ගෝත්‍රික ජාන ඇත. රටක ඕනෑම තැනකට යාමට සහ ඒමට ඕනෑම පුද්ගලයකුට නිදහස ඇත. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ නිදහස ද තිබේ. ඉහත ප්‍රචන්ඩත්වයේදී උල්ලංගනය වුයේ එම අයිතින්ය/නිදහසය. රටේ පළමු පුරවැසියා අලි ඇතුන්ගේ පවා හිස තෙල්ගා ප්‍රදර්ශනය කල ශාද්දාව මයිත්‍රීය අද්‍යාත්මක ගුණ වගාව කොහේ ගියාද? ප්‍රහාරයට ගෙන ආ පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයකි. උදේ හවස පන්සිල් ගෙන මුසාවාදයෙන් වලකෙමුයි කියමු. බවුද්ද චිවරදාරින් කීදෙනෙක් මෙම ප්‍රහාරය හෙලා දැක්කේද? ඊළගට ආණ්ඩුව කාගේද? එයට නියෝජිතයින් පත් කරන්නේ කවුද? අප අපමය. දැන් ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන කතා වේ. ඔහු කෙබදු කෙනෙකු විය යුතුද? ඔබ චන්දය දීමේදී සුදුසුකම් ලෙස ඉදිරිපත් කරන්නේ මොනවාද? නිදහස. නිදහසට ඇලුම් කරන, ගරු කරන, ආරක්ෂා කරන කෙනෙකි. මෙහිදී තම නිදහස හා සමානව අන් අයගේ නිදහසද එකසේ වැදගත් බව සිත්හි දාරණය කර ගත යුතුය.

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Posted by Sri Lanka Guardian | | Posted in , ,


| නිලන්ත ඉලංගමුව

රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “ එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක් ගැන සෙවීමයි වැදගත් ,” අයෙක් කිව්වේය. “ ඌට මාර සල්ලි ගොඩක් තියෙන්නේ... ඒ නිසා ආණ්ඩුව අත තියන්න බයයි, “ තවත් අයෙක් කිව්වේය. “ මේ වෙලාවේ හැටියට එක පාරම නැති කළොත්.. ඒක ආණ්ඩුවේ කරපිටින් යන්නේ... ඒ නිසා කාලයක් ඉඳලා වැඩේ දෙන එක වෙනම දෙයක්..” තවත් අයෙක් කිව්වේය.  “ යුද්ධෙන් පස්සේ රටට කළ ලොකුම හානිය කළේ ඔය මිනිහා..”, තවත් අයෙකු කිව්වේය. මෙම අදහස් සාමාන්‍ය පුරවැසියන්ගේ හෝ පත්තරවල පිටු පුරවන විවේචකයින්ගෙන් නොවේ. මෙම අදහස් ආණ්ඩුව විසින්ම පත් කරනු ලැබූ තානාපතිවරුන්ගේ අදහස්ය. මේ සියළුම අදහස් හුවමාරු  වූයේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සම්බන්ධයෙනි. 

ඥාණසාර හිමි පසුගිය කාලය පුරාම නැටූ නාඩගම් සම්බන්ධයෙන් එල්ල වී ඇති බරපතල විවේචනය සුළු පටු කාරණයක් නොවේ. අදාළ හිමි,  තම වැරදි භාවිතය නිසා සහ වැරදි අවස්ථාවන් ලබා ගැනීම නිසා ප්‍රසිද්ධියට පත් වූ අයෙකි. මෙවැනි සමාජ ප්‍රවණතා ලංකාවේ පමණක් නොව බොහොමයක් රටවල සිදු වූ ඛේදවාචක වේ. ඔහු සමඟ ගැලපෙන වඩාත් උචිත උදාහරණය බුරුමයේ අශින් වීරතු හිමි නමය. මොවුහු දෙදෙනාම රටේ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට යැයි කියමින් වෛරය වපුරූ පුද්ගලයින්ය. එමඟින් වඩාත් වාසිය අත් වූයේ ඔවුහු සතුරන් ලෙස හඳුන්වනු ලබන කඳවුරටම වූ අතර ඉන් ඔවුහු පෙනී සිටින “ බෞද්ධ” නමැති කුලයට කිසිඳු වැදගත්කමක් සිදු නොවේ. සැබවින්ම බෞද්ධයින්ට ඒ නිසා බරපතල හානියක් සිදු වූහ. 

ඥාණසාර හිමිගේ නායකත්වය නමැති වෙස්මුහුණ මුලික වශයෙන් ස්ථාන ගත වී ඇත්තේ, අර්ධ ගෝත්‍රිකවාදී මානසිකත්වය මතය. ඔහුට අනුව අනෙකාව යටත් කිරීමේ අසීමිත බලයක් ඔහු සතුව ඇත. තම පවට ලැබුණු අලියෙකුගේ මෙන් ශරීරයත්, හැපින්නකුගේ මෙන් වෛරයත් ඔහු මෙහෙයවනු ලබන මුලික අවශතාවයන් දෙක වේ. ඔහුට අනුව එම අවශ්‍යතා භාවිතයන් රටේ “ බෞද්ධ පුනරුදය” ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඔහු වටා ඒකාරාශී වන අයද මීට සමාන ගුණාංගවලින්  සැදුම් ලත් පිරිසක් වේ. මෙය මාර්ගය නොවේ යැයි කියූ පමණින්, හෝ අදාළ ඥාණසාර හිමි සහ ඔහුගේ කල්ලිය පිස්සන් ලෙස හැඳින්වීමෙන් පවතින මහා අවුල පැලස්තරයකින් වසා දැමිය නොහැකිය. එවැනි විචාරයන් රාශියක් පසුගිය දින කිහිපය පුරා දැක ගත හැකි විය. එවැනි දෑ පවතින අවුලේම ප්‍රකාශනයන් මිස, රටේ පවතින බැරෑරුම් තත්වය තේරුම් ගැනීමක් ලෙස ගැනිය නොහැකිය.  

ඥාණසාර හිමි මෙම තැන ගැනීමට නොසිටියේ නම් වෙනත් අයෙකු එම තැන රැගෙන අදාළ සෙල්ලම සිදු කරනු ඇත. එය වඩාත් නිවැරදිව හඳුනාගත හැක්කේ, මර්වින් සිල්වා නැති තැන, තවත් එවැනි අකාරයේ හෝ ඊටත් වඩා පිළිකුල් සහගත ලෙස රට අවභාවිතයට ගන්නා අයවලුන් බෝ වීමය. මීට කදිම උදාහරණය පසුගියදා හම්බන්තොටදී දැක ගත හැකි විය. මෙවැනි දෑ පවතින විශාල අවුලක ප්‍රකාශනයකි. වඩාත් පැහැදිලි ලෙස කිව හොත් මෙවැනි දෑ රෝග ලක්ෂණ මිස රෝගය නොවේ.  

 ලංකාවේ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට සැබෑ වුවමනාවක්, ඥාණසාර හිමිට හෝ වෙනත් අයෙකුට තිබේනම් එය ආරම්භ කළ යුතුව අත්තේ පන්සලෙනි. ලංකාවේ බෞද්ධ චිරස්ථතියට  සුවිශාලම හානිය සිදුකොට අත්තේ, මල්වතු සහ අස්ගිරි පාර්ශවයන් හී නායකත්වය දරණ ස්වාමීන් වහන්සේලා විසිනි. ඔවුන්ගේ බෙලහීන නායකත්වය මඟින් රටේ බෞද්ධ බික්ෂුවට සිරුරට මුවා වී සිතු සේ පිස්සු කෙලිය හැකි වූහ. ඕනෑම ආගමක හෝ වෙනත් කණ්ඩායමක නායකත්වය බෙලහීන වූ විට එම ආගම් විවධ පාර්ශවයන්ගේ අතකොළු බවට පත් විය. මෙම ඛේදවාචකයට බොහොමයක් ආගම් නතු වූවා පමණක් නොව එමඟින් දහස් ගණනක් වූ මිනිසුන්ට ජීවිත වලින් ගෙවීමට සිදු විය. 

 ලංකාවේ මෙය යුද්ධය නිසා ප්‍රධාන මාධ්‍ය අතරට නොපැමිණ සැඟවී පැවති කාරණයක් වූ අතර එය මතු පිටට පැමිණයේ යුද්ධය නිමා වීමත් සමඟය. යුද්ධය නිමා වීමෙන් පසු රටේ පවතින සැබෑ රෝගී තත්වයන් මතුපිටට ගලා ඒමට පටන් ගත්තේය. නමුත් මෙම සියල්ල දෙස වඩාත් බෙලහීන ලෙස බලා සිටීමට මල්වතු මෙන්ම අස්ගිරි පාර්ශවයන්ට සිදු වූ අතර ඒ වෙනුවට විවිධ මට්ටමේ දේශපාලන නිවේදන නිකුත් කරමින් රටේ ඇති ගැටලූ වලට පැලැස්තර විසඳුම් සහ සුමට විවේචන ඉදිරිපත් කරනු  ලැබුහ. මහා පාර්ශවයන් ඒ ආකාරයෙන් හැසිරෙන විට ඔවුහු යටතේ සිටින බික්ෂුන් තම දේශපාලන බලය ලබා ගැනීමේ විවිධ උපක්‍රම භාවිතා කළහ. එම බොහොමයක් උපක්‍රම ඍජුව සම්බන්ධ වූයේ ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂ හරහාය. ඔහුට අදාළ කණ්ඩායම් විසින් ලබා දුන් ප්‍රමෝදය තම පෞද්ගලික වින්දනය සඳහා පමණක් නොව දේශපාලනික වශයෙන්ද භාවිත කිරීමට හැකි විය. 

ඥාණසාර හිමි පමණක් නොව “ බෞද්ධ භික්ෂුව” නමැති චරිතය අවභාවිතයට ගත්, ජාතික හෙළ උරුමය නමැති කල්ලියේ සිට සෑම අයෙකුම සිදු කරනු ලැබූවේ එයයි.  මලවතු සහ අසගිරි පාර්ශවයන් ඍජුව මැදිහත් විය යුතු තිබු  බරපතල කාරණයක් වන මෙය අවසානයේදී වඩාත් අවාසනාවන්ත ලෙස රටේ සමස්ථ නොහැකියාව සහ අපකීර්තියේ සංකේතයක් බවට පත් විය. 

ගෞතම බුදුන් නායකයෙකි. උන් වහන්සේ තම සංඝයාට නිවැරදි නායකත්වය ලබා දුන්හ. අයාලේ යන භික්ෂුන් විනයෙහි පිහිටුවා කටයුතු කළහ. බුදු දහමෙහි ඇති න්‍යායාත්මක හරයන් ගැන හෝ එහි වතමන් අවභාවිතය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. නිවන වූ කලී තවත් එක් වෙළඳ භාණ්ඩයක් වන තරමට එය විකුර්ති කොට ඇත. එම විකුර්තිය බොහෝ දෙනකුට තම තමාගේ අනන්‍යතාවය ප්‍රකශ කිරීම සඳහා පිටුවහලක් වී ඇත. ලංකාවේ පවතින්ගේ බෞද්ධ දර්ශනයට වඩා, එක් එක් බික්ෂුවක් විසින් සොයා ගත් “ බෞද්ධ ගෙලටීනයකි”. ඥාණසාර හිමට ඔහු විසින් මහත් පරිශ්‍රමයක් යොදා තනාගත්, බෞද්ධ ගෙලටීනයක් ඇත. තවත් අයෙකුට ඔහුට ආවේණිකව තනාගත් එවැනි දෑ ඇත. එමඟින් සැලකිය යුතු පිරිසක් කුමන හෝ මාර්ගයකින් තම ග්‍රහණයට නතු කරගෙන තම පැවැත්ම වෙනුවෙන් අරගලයේ යෙදෙති. විමෙවැනි අරගලයක් කිරීමට සිදු වී අත්තේ රටේ සංඝ සමාජය නිවැරදි සහ ඍජු නායකත්වයක් යටතට ගැනීමේ නොහැකියාව මතය. මෙය නිවැරදි කළ යුත්තේ එහි නියම වගඋත්තර කරුවන්ගෙන් වන අතර එය ඔවූහුට කළ නොහැකිනම්, අසගිරි මෙන්ම මල්වතු තබා කිසිඳු පාර්ශවයක ඇති වැදගත් කමක් නැත. 

ඥාණසාර හිමි මෙන්ම ඥාණසාරලා වීමට යන්ත දරණ මීළඟ පරම්පරාවද නිවැරදි මඟට ගැනීමේ වගකීම පැවරී ඇත්තේ නායකත්වයටය. නායකත්වය දුර්වල වූ විට සිදුවන විපාකය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. එය ලංකාවේ “ දේශ හිතෛෂී” බෞද්ධයින්ගෙන් මේ වන විට වීදී පුරා දොරේ ගලා යන ආකාරය දැක ගත හැකිය.  පිස්සුව සුව කිරීම සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ කළ හැක්කේ, පිස්සු යැයි අවබෝධ වූ විට මිස, එය අවබෝධ නොවන තාක් දුරට අනෙකාව පිස්සන් ලෙස දැකීම මුලික මනෝභාවය වේ. ඥාණසාර හිමි තම හිතවත් මාධ්‍ය කැටුව ගොස් ලෝකෙට පෙනෙන ලෙස නාඩගම් නටන විට, පැන නගින මුලික කාරණය, ඔහුට පිස්සු යයි කීම නොව, ඔහු පිස්සෙක් කරනු ලැබුවේ කුමන සමාජ ප්‍රවණතාවය විසින්ද යන්නය. එය රෝග නිධානය සොයාගැනීමේ මුලික වෑයම වේ. මල්වතු සහ අස්ගිරි පාර්ශවයන් කඩිනමින් තම නායකත්වය පෙන්විය යුත්තේ එම කාරණයේදීය. අපකීර්තියක් සමඟ චුත වීමට වඩා, අනෙකාගේ අවභාවිතය නිසා සිදු වී ඇති විනාශය නිවැරදි මඟට ගැනීමට උත්සහ කිරීම  හෝ අතිශය තීරණාත්මක වේ.

නිවුන්නු දෙන්නාටම ඒ-9 යි

Posted by srilanka guardian | Monday, April 21, 2014 | Posted in


Vijini-lalidu“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යනුවෙන් කියමනක් තිබුණද ලොවින් දෙදෙනෙක් එකම දෙයකට සමත් වීම අරුමයක් නොවේ. ඒ එකම දෙයකට සමත්කම් දක්වන බොහෝ පිරිසක් සිටින බැවිනි. නමුත් නිවුන්නු දෙදෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සියලු විෂයන්ට ඒ සාමර්ථ නවයක් දිනා ගැනීම නම් අපූර්ව සිද්ධියකි. මක් නිසාදයත් අප දන්නා තරමින් මෙවර සියලු විෂයන්ට ඒ නවයක් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්දහස් හත්සිය අනූවක් අතරේ මෙවැනි තවත් නිවුන් දරුවන් දෙදෙනෙකු නැති බැවිනි.
සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ තම දරුවන්ගේ හපන්කම් ගැන මව්වරු පියවරු සතුටු කඳුළු හෙළන විට ගාල්ලේ, බලගොඩ පදිංචි කේ.යූ. ආනන්ද සරත්කුමාර හා කමණි හේමලතා යුවළට දෙවරක් තුටු කඳුළු වගුරන්නට සිද්ධ වූයේ මේ හපන්කම කළේ ඔවුන්ගේ දරුවන් දෙදෙනා බැවිනි.
මේ කතාවේ කතානායකයෝ විජිනි විනෝද්‍යා හා ලලිඳු චුලංගය.
 ඔවුන් දෙන්නා මෙලොව එළිය දුටුවේ එක්දහස් නමසිය අනුහතේ දෙසැම්බර් දහ වැනිදාය. ඒ රාගම ශික්ෂණ රෝහ‍ලේදීය. මුලින්ම උපත ලැබුවේ විජිනිය. ඒ සවස තුනයි එකටය. ඇය ඉපදී විනාඩි අටක් ගිය පසු එනම් තුනයි නවයට ලලිඳු උපත ලැබිය.
නිවුන් දරුවන් දෙන්නා ඉපදෙන කාලයේ කමණි පුහුණු හෙදියක ලෙස සේවය කරමින් හුන්නාය. ඇයට උපදින්නේ නිවුන් දරුවන් බව මුලින්ම අනාවැකි කීවේ ඇගේ සොහොයුරියක වන මේකලාය. එකල ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි. දරුගැබට තුන් මසක් පිරෙන කල මේකලා සිය සොයුරිය කැටුව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෙද්‍යවරයෙකු ළඟට රැගෙන ගියේ මේ කාරණාව ගැන සැක හැර ගන්නය. “නිවුන්නු තමයි ඔයාට ඉන්නේ” වෛද්‍යවරයා එසේ කියද්දී කමණිගේ හිත සතුටින් පිරී ගියේය. වෛද්‍යවරයා තවත් අනාවැකියක් කියමින් පැවසුවේ එසේ දරු ගැබේ සිටින්නේ පිරිමි  දරුවෙකු හා ගැහැනු දරුවෙකු බවය. දරුගැබට කලක් ගත වන විට නිසැකව සිටින්නේ පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවකු බව  වෛද්‍යවරයා කීවේය. කමණි දස මාසයක් කුසේ හොවාගෙන සිටි නිවුන්නු දෙන්නා බිහි කළේ සාමාන්‍ය පරිදිය.
“මුල් දවස්වල එකවර දෙන්නම බලාගන්න ටිකක් අමාරු වුණා. දුව මව්කිරි බිව්වේ මාස තුනයි. ඊට පස්සේ දුන්නේ පිටි කිරි. ඒත් පුතානම් අවුරුදු එකහමාරක් මව්කිරි බිවා. දරුවන් දෙන්නත් එක්ක රාගම ඉන්නවාට වඩා ගාලු යන එක ‍ලේසි නිසා අපි ගාල්ලේ පදිංචියට ආවා” කමණී එසේ කියන්නීය.
Vijini-lalidu1දරුවන් උපත ලැබූ පසු සිය වෘත්තියටද ආයුබෝවන් කී කමණී ගාලු ආවාය. ඔවුන් තිදෙනා ‍පෝෂණය කළේ ආනන්දගේ ව්‍යාපාරික කටයුතුවලින් ලැබෙන මුදලිනි.
අන් නිවුන් දරුවන් මෙන් කමණිගේ දරුවන් දෙන්නාට ඇන්දුවේ එකම ඇඳුම්ය. කෑවේ බිවේ එකටය. ගමන් ගියෙත් එකටය. මව් තුරුල්‍ලේ නිදා ගන්නෙත් එකටය. සැබැවින්ම ඔවුහු සිරුරෙන් වෙන්වී සිටියද මනසින් එකට ජීවත් වූ දරුවෝ වූහ.
විජිනිත්, ලලිඳුත් පෙර පාසල් යාමෙන් පසු ආනන්දත් කමණිත් වෙහෙසුණේ දරු දෙන්නට එකට ඉගෙන ගතහැකි හොඳ පාසලක් සෙවීමටය.
මන්දයත් ඔවුන් දෙදෙනා නිතරම එකට වැඩකටයුතු කිරීමට පුරුදු වී සිටි බැවිනි. පාස‍ලේදී වෙන් වෙන් වශයෙන් දෙතැනකට වැටුණහොත් මොවුන් දෙදෙනාගේ මානසික තත්ත්වයට දැඩි බලපෑමක් වේ යැයි ආනන්ද හා කමණි කල්පනා කළහ.
ඒ අනුව ඔවුන් ගාල්ලේ ඇති මිශ්‍ර ජාතික පාසල් අතර ප්‍රධාන තැනක් උසුලන ලබුදූව සිරිධම්ම විද්‍යාලයට දරුවන් දෙදෙනා ඇතුළු කළහ. ඔවුන් දෙන්නා පාසලට ඇතුළු කළ දවසේ ආනන්දත්, කමණිත් විදුහල්පතිවරයාගෙන් හා ප්‍රාථමික අංශ භාර විදුහල්පතිනියගෙන් කාරුණික ඉල්ලීමක් කළහ. ඒ දරු දෙන්නා පන්තියේ එකම ස්ථානයක තබන ලෙසය. ඒ අනුව ලලිඳු හා විජිනි සිරිධම්ම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 5 වසර දක්වා එකම පන්තියේ එකම මේසයේ අධ්‍යාපනය ලැබුවේ එකටය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහාද ඔවුන් දෙන්නා අමතර පන්ති ගියේද එකටය. කමණිගේ පියා වූ විශ්‍රාමික ගුරුවරයෙකු වන නන්දදාස පතිරණවසම් සිය මුණුබුරාටත්, මිණිබිරියටත් හැම විටම උපකාර කළේය.
ශිෂ්‍යත්ව විභාගයෙන් මේ දෙදෙනාම සමත් වන්නේ තම අධ්‍යාපන ජීවිතයේ පළමු කඩඉම පහසුවෙන්ම පසු කරමිනි. එහිදී විජිනි ලකුණු 170ක් ලබා ගත් අතර ලලිඳු ලබාගත්තේ ලකුණු 168කි. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසු විජිනි ගාල්ල සංඝමිත්තා විද්‍යාලයටද, ලලිඳු ගාල්ල මහින්ද විද්‍යාලයටද ගියහ. 
පාසල් දෙකක අධ්‍යාපනය ලැබිම නිසා ඔවුන් දෙන්නා පාසල් වේලාවේ වෙන්වී හුන්නද පාසල් ගොස් ගෙදර පැමිණ පාස‍ලේ අධ්‍යාපන කටයුතු කළේ එකටය.සිරිධම්ම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණි දක්වා  විජිනි පන්තියේ පළමු වෙනියා වූ අතර ලලිඳු දෙක තුන යන ස්ථාන ලබාගත්තේ සිය සොයුරියට දෙවැනි වෙමිනි.
“මේ දරු දෙන්නා කුඩා කාලයේ ඉඳන්ම බෝනික්කන්ට හරි ආසයි. දෙදෙනාම හරි සමගියි. පුංචි කා‍ලේ ඉඳන්ම එදා වැඩ එදාම කළා. පාන්දර නැගිටලා පාඩම් කළා” යැයි කමණි පවසන්නීය.
ෙදෙනික අධ්‍යාපන කටයුතුවලට අමතරව මොවුන් දෙදෙනා මහින්ද හා සංඝමිත්තා යන විදුහල්වලදී පිහිනුම්, නාට්‍ය, ඉංග්‍රීසි, සාහිත්‍ය දින වැනි ක්‍රියාකාරකම්වල යෙදෙමින් දක්ෂතා දැක්වූහ.
අද පාසල් අධ්‍යාපනයට අමතරව එම අධ්‍යාපනික විෂයන් නැවත නැවත ඉගෙනීමට උපකාරක පංති සොයා දෙමාපියන් දරුවන් ගෙනියන තරගකාරී, අසහනකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් කරන්නට ආනන්ද හා කමණී තම දරුවන් යෙදෙව්වේ නැත. එම දරුවන්ට අත්‍යවශ්‍ය යැයි හැඟෙන අමතර ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට පමණක් කුඩා කල සිටම ගාල්ලේ උළුවිටිකේ “බ්‍රයිට් වේ” ආයතනයේ අධ්‍යක්ෂ හා ඉංග්‍රිසි ආචාර්ය කමල් සහබන්දු ගුරුතුමා ළඟට යැවීය. මේ අපූරු නිවුන්නු දෙන්නාගේ වැඩිමලා වන විජිනි විනෝද්‍යා සොයුරු පෙම ගැන මෙසේ කීවාය. “මල්ලි තමයි මගේ හොඳම යාළුවා. මල්ලිගේ හොඳම යාළුවා මම”.
“මල්ලි නම් ගොඩක් පාඩම් කරනවා. ඒ වගේ එයා සොයා ගන්න, ලබා ගන්නා දැනුම මට බෙදා දෙනවා. අපි දෙදෙනා පාඩම් කළේ එකට. පාස් පේපර් ගොඩක් කළා. මම රෑ වෙනකම් ටිකක් පාඩම් කරනවා. මල්ලි උදේ 3 විතර ඉඳන් පාඩම් කරනවා. මම 5ට විතර තමයි පාඩම් කරන්න පටන් ගත්තේ.
මම සංඝමිත්තා විද්‍යාලයට ගියාට පස්සේ පංතියේ මුල් පස්දෙනා අතර ස්ථාන දිනා ගත්තා. වාර විභාගවලදී. දහම් පාසල් ගියා. මමත් මල්ලිත් අමතර විෂයන් විදියට සාමාන්‍ය පෙළට ඉංග්‍රීසි සාහිත්‍ය, වාණිජ හා තොරතුරු   තාක්ෂණය තමයි කළේ”. ඇය කියන්නීය.
සොයුරිය මෙන් ලලිඳුද අකුරු කළේ උනන්දුවෙනි. මහින්ද විද්‍යාලයේ වාර විභාගවලදී මුල් ස්ථාන කිහිපයක් හිමිකර ගැනීමට ඔහුට හැකි වූයේ එබැවිනි.
ගිය අවුරුද්දේ දෙසැම්බරයේ පැවති අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ එදිනෙදා පැවති විෂයන් සඳහා පෙනී සිටි මේ නිවුන්නු හවසට ගෙදර පැමිණි විගසම මවට දුන්නේ එකම පිළිතුරකි. “අද පේපර් එකට ලකුණු අනූවක් ලැබේවි” මේ අතරේ විභාගය අවසන් වී දෙතුන් මසක් යන විට රූපවාහිනියේ දහව‍ලේ ප්‍රවෘත්ති විකාශයේදී කියවුයේ විභාග ප්‍රතිඵල නිකුත් වී ඇති බවය. ඒ ආරංචිය ලැබි විනාඩි දහයක් යන විට කුරුණෑගල සේවය කරන ලලිඳුගෙත් විජිනිගෙත් පුංචි අම්මා වූ වෛද්‍ය මේකලා පතිරණවසම් ඔවුන් ඇමතුවාය. අන්තර් ජාලයෙන් විභාග ප්‍රතිඵල සෙවූ ඇය අක්කාත් මල්ලීත් ගත් “ඒ” සාමාර්ථ එකින් එක කියන විට කමණිගේ හදවත ගැහුණි. දෙන්නාම සියලු  විෂයන්ට ඒ සාමාර්ථය දිනා ගත් බව සිය සොයුරිය කියූ සැණින් ඇය දරු දෙන්නා වැළඳගෙන තුටු කඳුළු වැගුරුවාය. 
“මේ දෙදෙනාම ඒ 9ක් ගත්ත එක අපිට විශාල සතුටක්. මේ දෙදෙනාම ඉගෙන ගන්න හරි උනන්දුයි. අපි උදේට පාඩම් කරන්න නැගිට්ටවන්න ඕනේ නැහැ. එයාලම නැගිටලා පාඩම් කරනවා. සමහර වෙලාවට අපිට නැගිටින්නත් කලින් එයාලා පාඩම් වැඩ. පුතා ඉගෙන ගන්න හරිම උනන්දුයි. එයා ගොඩක් මහන්සි වෙනවා. දුව සාමාන්‍ය පරිදි තමයි වැඩකරන්නේ. දැන් මෙයාලගේ තාත්තා කොයිතරම් කාර්යබහුල වුණත් දරුවන් ගැන සොයා බලලා නිතර ඇවිත් දරුවන් හා මාව උනන්දු කරනවා. මේ ජයග්‍රහණය පිළිබඳව ගොඩක් සතුටුයි” කමණී එසේ කියන්නීය. 
ලලිඳු චුලංගගේ බලා‍පොරොත්තුව වන්නේ වෛද්‍යවරයෙක් වීමයි. තමාට මේ ජයග්‍රහණය ගැනීමේදී කමල් සහබන්දු ගුරුතුමා, කෝලිත ඩී. සිල්වා ගුරුතුමා සහ අනෙක් ගුරුභවතුන් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා වන වසන්ත සිරිවර්ධන ගුරු පියවරුන්ද සිහිපත් කළ යුතුයැයි ලලිඳු චුලංග කියන්නේය.
මල්ලි අනාගතයේදී වෛද්‍යවරයෙක් වීමට බලා‍පොරොත්තු වෙද්දී අක්කාගේ බලා‍පොරොත්තුව කුමක්දැයි අපි විජිනිගෙන් ඇසුවෙමු. මල්ලි වගේ මමත් වෛද්‍යවරියක් වීමට බලා‍පොරොත්තු වෙනවා ඇය කියන්නීය.
ජිනේෂ් නානායක්කාර
Lakbima

ගුරු ගීතය බවට පත්වූ පළමු ගුරුවරයා

Posted by Sri Lanka Guardian | Sunday, April 20, 2014 | Posted in

අපගේ අවධානය නිසි ලෙස ‍ෙයාමු නොවුණත් සෝවියට් සාහිත්‍ය, (Soviet literature) සහ චීන සාහිත්‍ය (Chinese literature) යනුවෙන් මාසික සඟරා දෙකක් පළවීය. නව සාහිත්‍ය උද්යෝගයක් දැනවූ අය අතේ ඒ සඟරා දෙක රැඳී තිබෙනු දැකගත හැකි විය. මට මතක හැටියට චින්ගීස් අයිත්මාතෝව්ගේ ‘පළමු ගුරුවරයා’ (First teacher) යන කෙටි නවකතාව මුලින්ම පළවූයේ සෝවියට් සාහිත්‍ය සඟරාවේය. එය කීපදෙනකු අතින් සිංහලට පරිවර්තනය විය. ‘ගුරු ගීතය’ යනුවෙන් එය හැඳින්විණ. එසේම බොහෝ රුසියන් හා චීන උපමා කතා කියවීමට නම් මේ සඟරා දෙක ඇසුරු කළ යුතු බව අපට දැනගත හැකිවිය. ඉංග්‍රිසි බස ප්‍රගුණ කර ගැනීම සඳහා ද සමහරු මේ සඟරා දෙක කියවූහ. මා මේ සටහන් පෙළ මෙසේ ලියාගෙන යද්දී මා මිත්‍ර පාලිත පෙරේරා මට දුරකථනයෙන් ඇමතුවේය. ඔහු පවසන දේ මම අසා සිටියෙමි.

“ඇයි ඔබට අමතක වුණාද අපේ නුගේගොඩ පොත් සාප්පුව?” ඔහු ඇසුවේය.

“මට අමතක වුණා නෙවෙයි”

“අනේ කරුණාකරල තව ටිකක් ඒ ගැන ලියන්න. ඒ පොත් සාප්පුව අද සරසවි පොත් සාප්පුව කියල හැඳින්වුවත් ඒ කාලේ ඒකට කිව්වේ ‘ලෝටස් පොත් සාප්පුව’ කියල.

“ඔව්. මම දන්නවා. ඒ කාලේ අපි කවුරුත් වාගේ එතැනදි තමයි මුණගැසුණේ. අල්විස් කියල මහත්මයෙක් තමයි, ඒකේ අයිතිකාරය. අද ඒ අයිති සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශක එම්. ඩී. ප්‍රේමසිරි මහත්මයාට. හැබැයි අල්විස් මහත්මයා පස්සේ කාලේ ලෝටස් පොත්හලේ අයිතිය පැවරුවේ ඒ කාලේ ලේක්හවුසියේ වැඩ කළ මර්වින් ද සිල්වා මහතාට. ඔහු අප සමඟ ඉතා කුළුපග ලෙස කතා කරන හැටි මට මැවී පෙනේ. ඔහු අල්විස් මහතාගේ පොත් සාප්පුවට නව පණක් ගෙන දුන්නේය. ඒ කෙසේද යත්: ඔහු අලුත බිහිවන ඉංග්‍රිසි පෙන්ගුවින් පොත් ගෙනාවේය. ලෝටස් පොත්හල පාලන කටයුතු තරුණයන් ‍දෙදෙනකුට පවරා තිබිණ. ඔවුන් නම් ගාමිණී හා ශාන්තය. ඔවුන් අපට කෙතරම් ඇල්මක් දැක්වීද යත් අපට පොත් සාප්පුවේ කෙළවරකට වී පොත් කියවීමට පහසුකම් පවා සලසා තිබිණ. මෙහිදී ‘අප’ යයි කීවේ පාසල් සමයේ අග්ගිස්සට පැමිණ සිටි අප කීපදෙනෙකි. මා මිත්‍ර පාලිත පෙරේරා එක් අයෙකි. කරුණාරත්න අමරසිංහ තවත් කෙනෙකි. අප අතරම ගැවසුණු තව දෙදෙනෙකි ආනන්ද කේ.විජයතුංග (පසුව බණ්ඩාර) හා අජන්තා රණසිංහ. තවත් කීපදෙනකු සිටි බවත් මතකය.

කරුණාසේන ජයලත් ගේ ‘ගොළු හදවත’ කෙතරම් පොත් ප්‍රමාණයක් ලෝටස් පොත් හලේ පමණක් විකිණිනි ද කිවහොත් මෙකියන මර්වින් ද සිල්වා මහතා ජයලත්ගේ ඡායාරූපයක් පොත් සාප්පුව ඇතුලේ කාටත් දැක බලා ගැනීමට එල්ලා තැබීය.

“ඇයි මෙහෙම ඡායාරූපයක් ගහන්නේ?යි මම මර්වින් මහත්මයාගෙන් වරක් ඇසුවෙමි. මදෙස බලා හිනාවක් පෑ ඔහු කී දේ දැනුදු ඇසෙන්නා සේය.

“මේ මනුස්සයගේ පොත් අපි කොච්චර විකුණල තියෙනවද? ඉතින් ඒ මනුස්සයට අපි ගරු කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කාටත් බලාගන්ට ඡායාරූපයක් එල්ලන එක” පුවත්පත්කලාවේදියකු වූ මර්වින් ද සිල්වා (M.A.ද සිල්වා) එක්තරා විප්ලවවාදී චරිතයක් බව මා දැනගත්තේ බී.ඒ.සිරිවර්ධන මඟිනි. ඒ පසුකලෙකදීය.

 පසුකල ඇත්ත පත්තරේ ප්‍රධාන කතුවරයා ලෙස සේවය කළ බී.ඒ.සිරිවර්ධන මහතා ඊට කලින් වැඩ කළේ ‘දිනමිණ’ පුවත්පතේය. බී.ඒ.සිරිවර්ධන මහතා මා හඳුනා ගත්තේ මගේ ගුරුවරයා වූ තිලක් රත්නකාර මහතා මඟිනි. රත්නකාර මහතාගේ පිටකෝට්ටේ නිවසේ ඒකාලේ සොහොයුරියන් දෙදෙනෙක් නේවාසිකව සිටියහ. වැඩිමහල් සොහොයුරිය ඉන්ද්‍රානිය. බාල සොහොයුරිය කල්‍යාණිය. ඔවුන් දෙදෙනාම ඉගෙනුම ලැබුවේ දේවි බාලිකා විදුහල නොහොත් කාසල් බාලිකා විදුහලේය. ඔවුන‍්ගෙ මාමා කෙනෙකු වූයේ බී.ඒ.සිරිවර්ධනය. ඔවුහු පස්යාලේ රදාවඩුන්න නමැති ගමින් පැමිණියහ. බී.ඒ.සිරිවර්ධන හෙවත් ‘සිරා’ නතරවී සිටියේ කිරුලපනේ සීවලී පාරේ මර්වින් ද සිල්වා ගේ නිවසේය. ඔහුගේ ඇසුර අතිශය ප්‍රියමනාප බව මට හැඟුණේ පසුකාලයේදීය.
ම‍ගේ මිත්‍ර නාලන්දියයකු වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ද නතර වී සිටියේ එම නිවසේමය. සරසවි පිවිසුම් පෙළට පෙනී සිටීම වෙනුවට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ක‍ෙ‍ළ් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ප්‍රවේශයට පෙනී සිටීමය. ඊට හේතු කීපයක් විය. ඉන් ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ පියා සුප්‍රකට දේශීය වෛද්‍යවරයකු වීමය. ස්වර්ණ ශ්‍රීට තම පියාගෙන් ඥාන දායාදයක් හිමිවී තිබිණ. පසු කළ ස්වර්ණ ශ්‍රී ඒ දායාදයෙන් මහඟු අස්වැන්නක් නෙළාගත්තේ රජරට සේවය ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙනි. කවි, ගීත, කෙටිකතා, විචිත්‍රාංග රචනයේ දී ඔහු ස්වීයත්වයක් දැක්වූ බව මට මතකය. මේ හැමකටම වඩා ඔහු ‘විකාර රූපීරංග’ විධික්‍රමය පිළිබඳව විවිධ අත්හදාබැලීම් කළේය. යුජින් අසනන්කෝ ගේ ‘පුටු’ (Chairs) නාට්‍යය ද සිංහලට පරිවර්තනය කළේය.
හැටේ දශකය මා හිතන විදිහට සිංහල සාහිත්‍ය ලෝකයේ කඩඉමක් ලෙස සැළකිය යුතුය. මේ දශකය ඇතුළතදී සිදුවූ වෙනස්කම් බහුලය. ඉන් ප්‍රධානතම වෙනස ලෙස මා දකින්නේ විදේශීය සංස්කෘතින් රැසකට අයත් සම්භාව්‍ය කෘතින් සිංහලට පරිවර්තනය වීමයි. ඊට එක් ප්‍රධාන හේතුවක් වූයේ ගුණසේන සමාගම හා මහරගම සමන් පොත් සමාගම නව ග්‍රන්ථ සම්පාදන ව්‍යාපෘති විවර කර තිබීමයි. සමන් පොත් ප්‍රකාශන මඟින් විශ්ව නාට්‍ය පරිවර්තන පෙළක්ම බිහිකරනු ලැබීය. ඒ අනුව සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ විශිෂ්ට නිර්මාණ වූ ‘මැටිකරත්තය’, ‘රත්නාවලි’, ‘ස්වප්න මායම දත්තා’ යන කෘතින් බිහිවිය. ඒවායේ ප්‍රකාශන අධීක්ෂණය පැවැරී තිබුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ටය.
මීට අතිරේකව බටහිර සම්භාව්‍ය සාහිත්‍යයට අයත් ඔස්කාර්වයිල්ඩ්ගේ කෘතින් (නිදසුනක් වශයෙන් මහින්ද කරුණාරත්නගේ ‘හදවත නැති මිනිහා’) කීපයක් සිංහලට පරිවර්තනය විය. ඒ.පී.ගුණරත්න මහතා ගුවන්විදුලියට කොටස් වශයෙන් සැලසුම් කළ ආතර්වේලි චීන බසින් ඉංග්‍රිසියට නැඟූ ‘වානරයා’ නවකතාව ද සිංහල පාඨකයාට දායාද කෙරිණ. ජපන් සාහිත්‍යයට අයත් අකුතගාවාගේ කෙටිකතා හා සිනමාවට නැඟුණු කෘතින් කිහිපයක් ද පරිවර්තනය විය. හෙන්රික් ඉබ්සන්ගේ ‘ද ඩෝල්ස් හවුස්’ නමැති සුප්‍රකට නාටකය “සෙල්ලම් ගෙය” නමින් සිංහලට නැඟු‍ෙණ් ද මේ කාලයේදීමය. සමන් පොත් කියවීමත් ගුණසේන සමාගමේ ‘ලිහිණි’ පොත් කියවීමත් එකල සියුම් ලෙස සිදුවිය.
මා ඇන්තන් චෙකොව්ගේ ‘විලාපය’ (The lament) සිංහලට පරිවර්තනය කළේ මා මිත්‍ර ජයසුමන දිසානායකයන් සමඟයි. අපි ඒ කෙටිකතාවේ ගුවන්විදුලි පෙළක් ද සකස් කලෙමු. එසේ කොට අප මිත්‍ර තිලක සුදර්මන් ද සිල්වා සැලසුම්කොට නිෂ්පාදනය කළ ‘නුග හෙවන’ නමැති සංගෘහිත වැඩ සටහනට ඇතුළු කළෙමු. එහිදී එහි පෙළට ඉතා අපූරු ලෙස භාෂණයෙන් අර්ථ කථනය කළේ අප මිත්‍ර කරුණාරත්න අමරසිංහයන්ය. අප හැම කෙනෙකුටම ඇන්තන් චෙකොව් පෙනුණේ අපේ හෘදයාංගම ඥාතිවරයකු ලෙසිනි. එය අද වෙනතුරුත් පැවැතීම කෙතරම් පුදුමයක්ද? මම, රුසියන් සාහිත්‍ය නිර්මාණයන් කෙරෙහි වඩාත් දැඩි ඇල්මක් දැක්වූයෙමි. එහෙත් ඒ වන විට විප්ලවයෙන් පසුව බිහිවූ සෝවියට් සාහිත්‍ය ප්‍රචලිතව පැවතිණ.
මගේ එක් සිහිනයක් වී තිබුණේ මගේ පශ්චාද් උපාධි කටයුතු සිදුවන කලෙක දී ඇන්තන් චෙකොව්ගේ ‘මුහුදු ලිහිණිය’ (Seagull) සහ හෙන්රික් ඉබ්සන්ගේ ‘වන තාරාවා’ (Wild duck) නාටක දෙක පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් කිරීමය. එහෙත් පසුකලෙක වුවද මට ඒ සිහිනය මුදුන් පමුණුවා ගත නොහැකි විය. මම එහිදී සිදුවූ හැම දේම සුල මුල - සොයන්නට පටන් ගතිමි. එංගලන්තයට පැමිණි පසුව මම මුලින්ම ඒ ගැන කතාබහ කළේ මහාචාර්ය ක්‍රිස්ටෝපර් රේනල්ඩ්ස් මහතා සමඟය. ඔහු පැවසූ දේ මට මතකය.
“ඔය තුලනාත්මක අධ්‍යයනයේ ප්‍රාචීනවාදී නැඹුරුවක් තිබෙනවාද?”
(Is there an Oriental Slant in your Comparative Study?)
සැබැවින්ම උසස් අධ්‍යාපනයක් ලබා සිටි නමුත් මට මගේ ආචාර්යවරයා පවසන දේ වටහා ගැනීම උගහට විය.
“එබඳු නැඹුරුවක් ඇතැයි මට සිතෙනවාÓයි මම පැවසුවෙමි.
“එහෙම නම් පර්යේෂණ ව්‍යාපෘතියක් කෙටුම්පත් කරල පෙන්වන්නÓ‍
(In that case submit a research proposal)
මම ශක්ති ප්‍රමාණයෙන් එසේ කළෙමි. එහෙත් අධ්‍යාපන කමිටුවේදී මගේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වී ඇත්තේ මක්නිසාදැයි වටහා ගත්තෙමි.
“ඔබ රුසියන් බස දන්නවාද?”
“නෑ”
“ඔබ නෝර්වීජියානු බස දන්නවාද?”
“නෑ”
ඇන්තන් චෙකොව් තම ‘මුහුදු ලිහිණියා’ නාටකය ලියා ඇත්තේ රුසියන් බසිනි. හෙන්රික් ඉබ්සන් තම ‘වන තාරාවා’ නාටකය ලියා ඇත්තේ නෝර්වීජියානු බසිනි. මා ඒ නාටක දෙකම කියවා ඇත්තේ ඉංග්‍රිසි බසිනි. එබැවින් මේ ව්‍යාපෘතිය පලදැරීමට තරම් ශක්‍යතාවක් මට නොමැත්තේය.
“අනෙක ඔබ තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයනය (Comparative literary studies) කරල තියෙනවාද?”
“ඔව්”
“කොහේදීද?”
“තනිවම”
“ප්‍රමාණවත් පිළිතුරක් නොවේ. ඒ අධ්‍යයනය ඔබ කළ යුතුයි”
මම, මහාචාර්ය ටිලම්යන් යටතේ පසුකල එසේ කළෙමි.
මා මේ සඳහන් කරන්නේ මගේ මතකයට නැඟුණු පසු කළ ජවනිකාවකි. ඒ පසුකල ජවනිකාව ම‍ෙග් සිත්හි පෙරතලයට ඒම මට වළක්වා ගත නොහැකිය. ඉන් මට පළ කිරීමට උවමනා කරන්නේ මා කෙතරම් දුරට ඉබ්සන්ගේ හා චෙකොව්ගේ කෘතින් කෙරෙහි නතුවී සිටිය ද ඒ අරබයා මට, මගේ සිතට එකඟව පශ්චාද් උපාධි නිබන්ධයක් සැලසුම් කරගැනීමට නොහැකි වීමය. එහෙත් මම ඒ ශාස්ත්‍රීය ‍දොම්නස්කමෙන් දුරස්කර ගත්තෙමි. ඉබ්සන්ගේ නාටකයක් පෙන්වන රඟහලක් ඇති තැනක් සොයමින් ගොස් නැරඹූ අවස්ථා එමට වීය. චෙකොව්ගේ නාට්‍ය පිළිබඳව ද ඒ ටිකම කිව යුතුය. ඒවා නැරඹිය යුත්තේ හුදු වින්දනයට නොව, එම තලය ඉක්මවූ වින්දනයක් සඳහාය යන මතය මා තුළ කෙමෙන් මුල්බැස ගැනිණ.

බොදු බල සේනාවෙන් ජනාධිපතිවරයාට ලිපියක්

Posted by Sri Lanka Guardian | | Posted in , ,

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීන් දිලන්ත විතානගේ මහතාට ඇති ජීවිත තර්ජනය සහ බොදු බල සේනාව සම්බන්ධයෙන් ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත. ඒ ලිපියේ සංශිප්තය පහත අයුරිනි.
2014 අප්‍රියෙල් 18

දිලන්ත විතානගේ,
ප්‍රධාන විධායක නිලධාරී,
බොදු බල සේනා ජාලය,
බොදු බල සේනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය,
144/A, හයිලේවල් පාර, කිරුලපන



ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ,

හිතවත් ජනාධිපතිතුමනි,

බොදු බල සේනා පිලිබඳ බොරු කුමන්ත්‍රණ ප්‍රබන්ධ, ජීවිත තර්ජන හා ආරක්ෂාව

පසුගිය දින කිහිපය තුල මා වෙත ඍජුවත්, වක්‍රවත් ලැබුණු තොරතුරු මත මා හට ජීවිත තර්ජනයක් ඇති බව පැහැදිලි වන බැවින් ඒ පිලිබඳ ව රටේ පාලනය භාර ඔබතුමා වෙත දැනුවත් කිරීම මාගේ අයිතියක් හා වගකීමක් වන බැවින් මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි.

එම අදාළ කරුණු අනුව මා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම හෝ වෙනත් කරුණක් පදනම් කොට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම හෝ යම් පාර්ශවයන් විසින් අපගේ ජීවිත වලට හානි සිදු කල හැකි බැවින් ආරක්ෂාව පතා වහා විදේශ ගතවන ලෙස යම් විශ්වාසදායක කණ්ඩායම් විසින් මට දැනුම් දෙනු ලැබිණ. එය මගේ උනන්දුව හා ආශාව නොවුවද මේ කුමන්ත්‍රණකාරී තත්වය විශ්වාස කිරීමට පදනම් වූ කරුණු පිළිබඳ ව ඔබතුමා දැනුවත් කිරීමට මේ අනුව කටයුතු කරමි.


1) මම බොදු බල සේනා සංවිධානය යොදවා ගෙන ඔබගේ රජය පෙරලීමට හා රජය අස්ථාවර කිරීම සඳහා විපක්ෂ දේශපාලන අංශ සමග හා විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය සමග රහසිගතව කටයුතු කරන බවටත්, ඒ සඳහා විදේශ රාජ්‍යයක කොන්ත්‍රාත්තුවක් මා විසින් කරන බව දැඩි විශ්වාසයකින් හා දැඩි ස්වරයකින් 2014 අප්‍රියෙල් 9 රාත්‍රියේදී රජයේ ප්‍රධාන ඇමතිවරයකු විසින් මා හට චෝදනා කරන ලදී. මේ බව සනාථ කිරීම සඳහා තොරතුරු රජය වෙත ලැබී ඇති බවටද ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.

2) පසුගිය වසර තුල රජයේ යම් ඇමතිවරුන් විසින් මෙම කරුණුවලට සමීප කරුණු ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට පවා ප්‍රකාශ කරන ලදී ,

3) යම් ඇමතිවරයකු විසින් මා විනාශ කරන බවට 2013 ජනවාරි මස දී අපගේ පොදු මිතුරෙකුට ප්‍රකාශ කර තිබුනි. මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලේ තිබු රැස්වීමක් අවසානයේදී ඔහුගෙන් මා විමසු විට එය අසත්‍ය බව ඔහු ප්‍රකාශ කලද ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියා කලාප නිසා මෙම ප්‍රකාශය තුල යම් සත්‍යතාවයක් තිබිය යුතුය. මේ බව 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවැත්වූ සාකච්චාවෙන් පසුව මා විසින් මේ පිළිබඳව ඔබතුමා දැනුවත් කරන ලදී.
4) 2014 අප්‍රියෙල් මස 17 වන දින ඔබ රජයේ ඇමතිවරයකු විසින් මා භික්ෂුන් වහන්සේලා යොදවා ගෙන රජය අස්ථාවර කිරීම හා පෙරලීම සඳහා විදේශ මුදල් ලබා ගෙන කුමන්ත්‍රණයක් සිදු කරන බව අපගේ සංවිධානයේ භික්ෂුන්වහන්සේ නමකට ප්‍රකාශ කරන ලදී.

5) 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවති සාකච්චාවට පෙර හා ඉන් පසුව ඔබතුමා මා සමග පෞද්ගලිකව පැවසු කරුණු අනුව, එනට පෙර උඩවලව හෝටලයක් විවෘත කරන ලද අවස්ථාවේ හා ඉන්දියාවේ සංචි පුජාභුමියෙදී ඔබතුමා හදිසියේ මා සමග කියන ලද කරුණු අනුව ඔබතුමාද මා පිලිබඳ එවැනි මතයක සිටින බව මට ඉතා පැහැදිලි විය.

ඔබගේ රජය අස්ථාවර කිරීමට හා පෙරලීමට මා විසින් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවට ඔබට ඒත්තු ගැන්වෙන පරිදි නිතර නිතර ඔබ හමුවී අදහස් ප්‍රකාශ කිරීමටත්, මාධ්‍ය මගින් එවැනි පරිසරයක් කෘතිමව නිර්මාණය කිරීමට මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීමටත් ඉන් අනතුරුව මා අත්අඩංගුවට ගැනීමට යම් සිද්ධියක් පදනම් කර ගැනීමටත් යම් කුමන්ත්‍රණ සිදුවන බව ලැබී ඇති තොරතුරු අනුව මට පැහැදිලිය.


1989 පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු ලෙස සුදුසුකම් ලැබූ මා හට ගෞරවනීය ලෙස විදේශ ගතවී කටයුතු කල හැකි අවස්ථා අතහැර මා මගේ රටට පැමිණියේ රටට ඇති ආදරය නිසාය. වසර 20 ක් තිස්සේ රටේ පාසල් පද්ධතියට පරිගණක විෂය හඳුන්වා දීමට ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ අවස්ථාවක 2001 දී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්තිය සකස්කරමින් නායකත්වය දුන් මා කිසිදු දේශපාලන පක්ෂයක හෝ නායකයකු ගේ ගැතියකු නොවේ. මා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය හා ඔබතුමාද ඇතුළුව බොහෝ දේශපාලකයින් සමග කටයුතු කලේ ශ්‍රී ලංකාව තුල තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මිස දේශපාලන අරමුණකින් නොවේ. චන්ද්‍රිකා රජයේ උපදේශකයකු ලෙස කටයුතු කරන විට විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ “රට හදන පස් අවුරුදු සැලැස්මට” තොරතුරු තාක්ෂණය පිලිබඳ පිටු දෙකක් ලියා දුන්නේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු වූ විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමක් නිසා ඒ පිලිබඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. මම මෙම කටයුතු බොහොමයක් කලේ ප්‍රසිද්ධියේ මිස හැංගි හොරා නොවේ.

දැන් ඔබතුමා ළඟ සිටින බොහෝ දෙනා ඔබ සමග ප්‍රසිද්ධියේ හමුවීමට පවා බිය වූ 2003 දී මා ඔබගේ වෙබ් අඩවිය සාදා දීමට උපකාර කර එය දියත් කිරීම් කල දිනයේදී ප්‍රධාන කතාව කලේ ප්‍රසිද්ධියේ ය. 2003 දී මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි වැටුප් හා වරප්‍රසාද ලබමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ ආයතනයක වැඩ කල මට විපක්ෂ නායක වරයා වූ ඔබගේ වෙබ් අඩවිය විවෘත කිරීමට බියක් නොතිබුණි. එහිදී ද මා කතා කලේ තොරතුරු තාක්ෂණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සවි බල ගැන්වීම පිලිබඳ වය. එහෙත් 2005 දී ඔබතුමා ජනාධිපති වූ විගස ඔබගේ නිලධාරීන් කටයුතු කලේ එම රැකියාවෙන් ඉවත්වන තැනට මට හිරිහැර කිරීමය. එමෙන්ම 2013 දී මා බොදු බල සේනා ආරම්භ කිරීමට මුලික වීම තුල නැවත මගේ රජයේ තනතුරින් ඉවත්වීමට බලපෑම් කලේද එම කණ්ඩායම්ය. මා මේ තනතුරු හැමවිටම දැරුවේ මගේ සුදුසුකම හා දක්ෂකම් නිසා බැවින් මෙම තනතුරු හා වරප්‍රසාද වලට වඩා මගේ වෘත්තීය භාවය ආරක්ෂා කිරීමට තනතුරු වලින් ඉවත්වීමට කොන්දක් තිබීම ගැන සතුටු වෙමි.


මම දිනපතාම මරණානුස්සතිය කරනු ලබන ඕනෑම මොහොතක මරණයට සුදානම් පුද්ගලයෙකි. හැකි ඉක්මනින් මේ සසර අවසන් කිරීමට මම කැමතිය. බොහෝ දේ අල්ලා ගෙන බදා ගෙන සිටින බොහෝ දෙනාට ඒවා අත්හැරීමට දුෂ්කර වුවද බොහෝ දේ අතහැරීමට පුරුදු පුහුණු වී ඇති මා හට ඊ ළඟ ආත්මයක සැප විදීම්ටද එතරම් ආශාවක් ද නැත.

මෙවැනි තත්වයක් තුල මගේ ජීවිතය නැතිවීම පිලිබඳ මට එතරම් කණගාටුවක් නොමැත. එහෙත් මා කිසිදු ආකාරයකින් සම්බන්දතාවයක් නැති විදේශ කුමන්ත්‍රණයක් හා රජය පෙරලීමේ සැලැස්මක් පිලිබඳ මා සම්බන්ද කොට ප්‍රබන්ධ ගොතා “සත්‍ය තොරතුරු වෙනුවට ඔබතුමා සතුටු වන තොරතුරු නිර්මාණය” කිරීමෙන් රටට වන හානිය ගැන කනගාටුය.

කෙසේ වෙතත් මෙම ප්‍රචාරාත්මක පරිසරය තුල ඔබද, රජයද, රටද අස්ථාවර කිරීමට අපව විනාශ කිරීමට යම් කණ්ඩායම් ගෙනයනු ලබන කුමන්ත්‍රණ ගැන ඔබතුමා දැනුවත් කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. එමෙන්ම විවිධ රාජ්‍ය විරෝධී කණ්ඩායම්ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැක.

දෙවන අරමුණ වනුයේ මෙම කුමන්ත්‍රණයට හසු කිරීමට අපේක්ෂිත අප සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමිට හා මගේ ජීවිතයට සිදු විය හැකි හානි පිලිබඳ වගකීම රජය හා ඔබ විසින් භාරගතයුතු බව දැනුම් දීමය.

තෙවන අරමුණ වනුයේ එවැනි තත්වයක් තුල මගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් මගේ පවුලේ හා දරුවන්ගේ වගකීම රජය හා ඔබ විසින් භාර ගත යුතු බවය දැනුම් දීමය.

බොදු බල සේනා සංවිධානය හෝ මම කිසිදු විටක රටේ කලබල ඇති කිරීමට හෝ රජයන් අස්ථාවර කිරීමට කටයුතු නොකර ඇති අතර ඒ සම්බන්ධව කිසිදු රටකින් අරමුදල් ලබා ගෙන නැත. බොදු බල සේනා හැමවිටම ක්‍රියාකර ඇත්තේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල වන අතර “ගෝලීය බලවේග හමුවේ සුළුතරයක් වී විවිධ තර්ජන වලට ලක් වී ඇති සිංහලයන්ගේ හා බෞද්ධයින්ගේ” අයිතිවාසිකම ගැන කතා කිරීම “ජාතිවාදයක් හා ත්‍රස්තවාදයක්” කරනු ලබන එළිමහන් සිරකඳවුරක අපට ජීවත්වීමට සිදුවීම ඉතාමත්ම කණගාටුදායකය.

අපි වසර දෙකක් තුල අයුක්තියට අසාධාරණයට එරෙහිව අප විසින් කරනු ලැබූ නිවැරදි අරගලය කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසන මුදලට බලයට යටවූ සිවිල් සමාජ නායකයින් හා ඊනියා මාධ්‍ය කටයුතු කරන කෘර සමාජයක අපට ජීවත්වීමට සිදුවීමද කනගාටුවකි. අප කරනු ලැබූ සියලු අරගල සත්‍ය කරුණු පදනම් කොට ඉතා පිලිවෙලින් හා ඉවසීමෙන් කල බව පැහැදිලිව ප්‍රකශ කරනු ලබන අතර අනාගතයේ යම් දිනක ජනතාවට සත්‍ය තේරුම් යනු ඇත.

යම් අන්තවාදී සංවිධාන විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ පුරාවස්තු වන ඉපැරණි දාගැබ ඩෝසර් වෙද්දී, ජාතික පරිසර පද්ධතිය විනාශ කරද්දී, , අන්තවාදී මුලධර්මවාදී කණඩායම් ත්‍රස්තවාදයට මග හෙළි කරද්දී, අධිකරණය, අධ්‍යාපනය, ආර්ථිකය, දේශීය අහාර පද්ධතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට අන්තවාදී මුලධර්මවාදී බලපෑම් සිදු වෙද්දී එම කටයුතු පිලිබඳ ඉතා ඉවසීමෙන් කරුණු ඉදිරිපත්කරද්දී විසදුම් නොලැබෙන විටක ඒ පිලිබඳ ජනතාව දැනුවත් කිරීම කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කිරීම කනගටුදායකයක තත්වයකි.

ඔබේ ආණ්ඩුකාරවරයකු ‘ගව ඝාතනය පින්කමක්” ලෙස රාජ්‍ය මට්ටමින් නිර්වචනය කොට ප්‍රවර්ධනය කරද්දී, යම් අන්තවාදී සංවිධාන විසින් “ත්‍රිවිධරත්නය මැණික් ගල් තුනකට නිර්වචනය කොට, එම ගල් වල සරණ පතන පුද්ගලයින් ලෙස බෞද්ධයින් හාස්‍යට ලක් කොට, බුදුන් වහන්සේ මිනි මස් කෑ පුද්ගලයකු කොට , උන්වහන්සේගේ දැනුම උපහාසයට ලක් කොට රටපුරා ප්‍රසිද්ධියේ සීඩී තැටි බෙදන විට” , එය ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රචාරය කර බෞද්ධයින්ට අභියෝග කරද්දී” එම කටයුතු වසරක් තුල සිදු වෙද්දී වගකිව යුතු පාර්ශව කිසිදු පියවරක් නොගද්දී - රටේ ව්‍යවස්ථාවේ පරිදි බුදු දහම සුරැකීමට, පරිසරය සුරැකීමට බොදු බල සේනා නිර්භයව කටයුතු කරද්දී අපගේ කටයුතු විදේශ කුමන්ත්‍රණ ලෙස සැක කිරීම බොදු බල සේනාවේ පමණක් නොව,ඔබගේද, රජයේද, ජතියෙමද, රටේමද අවාසනාවක් ලෙස මට සිතේ.

කෙසේ වුවද නිවැරදිව, සත්‍යවාදීව හා යුක්තිගරුකව කටුතුකරන අපව හා අපගේ වැඩපිළිවෙල ස්වභාව ධර්මය හා ලෝක යුක්තිය අපව හා අපගේ ව්‍යාපාරය ආරක්ෂා කරන බව විද්‍යාත්මකය.
බුදු දහම පරපුරෙන් සුරැකීමට අප ගනු ලබන උත්සාහය සාර්ථක වේවා!


ස්තුතියි,
මෙයට හිතවත්


දිලන්ත විතානගේ

කොටි යළි සක්‍රියවීමේ නාටකය

Posted by Sri Lanka Guardian | | Posted in , ,

හිටපු කොටි සාමාජිකයන්ගේ ඝාතන සිද්ධියන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ හා ආරක්‍ෂක, බුද්ධි අංශයේ සැලසුම් සහගත සමූල ඝාතනයක් බවට ග්ලෝබල් පුවත් සේවයට විස්වාසනීය තොරතුරු ලැබී තිබේ. 

ගෝපි, දෙයිවීකන්, අප්පන් යන පිරිස ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශය විසින් සොයමින් සිටින පුද්ගලයන් ලැයිස්තුවට ඇතුලත් කර දැන්වීම් පෝස්ටර් අලවා ඔවුන්ව පදවිය ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ බවට ප්‍රකාශ කිරීම දක්වා සිඳුවූ සියළු දැය සැලසුම් සහගත නාටකයක් බව ආරම්භයේ සිටම ග්ලෝබල් පුවත් සේවය පවසා තිබුණි. රටතුල සහ ඩයස්පෝරා රටවල බොහෝ මාධ්‍යන් හා ඇතම් පාර්ශිකයන් තම තම අවශ්‍යතාවයන්, පැවැත්වම උදෙසා මෙම කාරණාව විකෘති කර තිබූ අතර, ග්ලෝබල් දෙමළ පුවත් සේවය මෙය කොටින් යළි සක්‍රිය වන කාරණාව ශ්‍රී ලංකා රජය - ආරක්‍ෂක අංශය - බුද්ධි අංශයේ නාටකයක් බව අවධාරණය කර සිටියේය, ග්ලෝබල් දෙමළ පුවත් සේවයේ හැකියාවට අනුව ලැබුණු තොරතුරු හැකි පමණින් තහවුරුකර එය මෙහි පුවත් වාර්තාවක් ලෙස ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්‍ධයෙන් ආරෝගිමත් ප්‍රශ්ණ හා විමර්ශණ තිබෙන්නේ නම් එය ගැන විමර්ශන කොටසදී හෝ ඊමෙයිල් ලිපිනයට එවන්නේ නම් එයද මුළුමනින්ම ප්‍රකාශ කරනු ලැබේ.

මේ යටතේ කොටි සංවිධානයේ හිටපු සටන්කාමිකයන් වන ගෝපි, අප්පන්, දෙයිවීගන් යන පිරිස මීට පෙරදීම වෙන වෙන ක්‍රයාන්විතවලදී අත්තඩංගුවට පත්වී රඳවා තිබූ අතර පසුව හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර ඇතයි පැවැසේ. එම මළසිරුරු නිරීක්‍ෂණය කළ පදවිය රෝහලට සමීපතම පාර්ශිකයන්ද මෙය තහවුරු කර තිබේ. විශේෂයෙන් එම මළ සිරුරුවල දැක්නට තිබූ වෙඩි වැදීමේ සලකුණු එය ඉතා සමීපතවම සිට වෙඩි තැබීමේ සලකුණු බවට තිබූ බව පෙන්වාදී තිබේ.

මේ යටතේ මෙම සිද්ධිය සම්බන්‍ධව ග්ලෝබල් පුවත් සේවය මදක් පෙර කාලීන තොරතුරු එක්රැස් කළේය
කලයියන් නැමැත්තා කොටි සංවිධානයේ බුද්ධි අංශයෙහි කටයුතු කළ පුද්ගලයකි, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විසූ කලයියන්ව කොටි සංවිධානය විසින් බුද්ධි අංශ කටයුතු සඳහා ත්‍රිකුණාමලයට යවා තිබුණි. ත්‍රිකුණාමලයේ දේශපාලනික කටයුතු භාරව එලිලන් සහ සන්නද්ධ සටන්කාමිකයන් භාරව සොර්නම් නැමැත්තා කටයුතු කළ කාලයේදී ඔවුන් සමඟ කලයියන්ද කටයුතු කර තිබේ. එම දිස්ත්‍රික්කයේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස වසන්දන් කටයුතු කළ අතර ඔහුට පසු ස්ථානයේ කලයියන් ක්‍රියා කළ බවත්, සිංහළ හා දෙමළ භාෂාව හොඳින් දන්නා නිසා ත්‍රිකුණාමලයදී කටයුතු කළ අතර දකුණේ ක්‍රියාන්විතයන් සමඟද එක්වී කටයුතු කර තිබේ. මෙලෙස බුද්ධි අංශ කටයුතුවල සම්බන්‍ධව සිටි කලයියන් තම පවුලේ සාමාජිකයන්වද ත්‍රිකුණාමලයෙහි රඳවා තබාගෙන තිබුණි. නමුත් අවසන් යුද්ධය අවසන්වූ කාල වකවානුවේදී තම පවුලේ සාමාජිකයන්ව ආරක්‍ෂාකාරිව ඉන්දියාවට යවා තිබේ.
කොටින් සමඟ කටයුතු කළ කාලයදීම හමුදාවටද තොරතුරු ලබාදෙන ද්විත්ව ඔත්තුකරුවකු ලෙස ඔහු කටයුතු කර තිබිය හැකි බවට සැකයක් පසු කාලයේ තරව තිබූ බව ඔහුට සමීපතවම සිටි ත්‍රිකුණාමලයේ හිටපු කොටි බුද්ධි අංශ සාමාජිකයකු තම මිතුරකුට පවසා තිබීම ග්ලෝබල් පුවත් සේවය තහවුරුකරගෙන තිබේ. ත්‍රිකුණාමලය කොටි බුද්ධි අංශයේ කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා හමුදාව ත්‍රිකුණාමලය මුළුමනින්ම අත්පත්කර ගැනීමෙන් අනතුරුව වන්නියට ගිය එලිලන්, සොර්නම් කණ්ඩායම සමඟ ඔහුද වන්නියට ගොස් එහිද කොටි බුද්ධි අංශයේ කටයුතු කළ නමුත් ශ්‍රී ලංකා හමුදාවට තොරතුරු ලබාදී තිබීමට වැඩි අවස්ථාවක් තිබෙන බවද පැවැසේ. හේතුව මැයි 15න් පසු මැයි 19 වැනි දා දක්වාවූ කාලයතුල ඔහු චන්ද්‍රිකා දුරක‍ථනයන් සමඟ මුල්ලිවායිකාල් ප්‍රදේශයේදී ක්‍රියාකර තිබීම එහි සිටි පිරිස දැක තිබේ. කෙසේ නමුත්, මැයි 19න් පසු ඔහු ගැනවූ තොරතුරු නොදන්නා නමුත් පුනරුත්ථාපනයට ඇතුලත් නොවී නිදහසේ සරිසරන පුද්ගලයකු ලෙස පසුකාලයේදී තමන්ව ප්‍රසිද්ධකර තිබේ. කොටි යළි සක්‍රිය කිරීමේ වැඩ පිළිවලට හා කොටි සංවිධානය යළි ගොඩනැගීමේ කටයුත්තට ශ්‍රී ලංකා හමුදාව ඔහුව භාවිතාකර තිබේ.
මේ අනුව ගෝපි නැමැත්තා කලයියන්ගේ දැලට ප්‍රථමයෙන් අසුවූ පුද්ගලයා ලෙස හැඳින්වේ, කොටි සංවිධානයේ සටන්කරුවෙකු ලෙස සිටි ගෝපි අවසන් යුද්දයෙන් පසු මැද පෙරදිග රටක රැකියාවකට ගොස් පසුගිය ජනවාරි මස දිවයිනට පැමිණ තිබේ. මෙම කාලයතුල හමුදා බුද්ධි අංශය සමඟ කටයුතු කළ කලයියන්ට හදිසියෙන්ම ගෝපිව ත්‍රිකුණාමලයදී හමුවී තිබේ. අවසන් යුද්දයෙන් පසු මැද පෙරදිග රටකට රැකියාවට ගොස් වසර තුනකින් පසු ශ්‍රී ලංකාවට ගිය ගෝපි ත්‍රිකුණාමලයදී තම පවුලේ සාමාජිකයන් සමඟ ජීවත්වූ අතරතුර කලයියන්ගේ සම්බන්‍ධකම ලැබී තිබේ. හිටපු කොටි සාමාජිකයෙක්, පුනරුත්ථාපනය නොලැබුණු සටන්කරුවෙක් හෙයින් ගෝපිව තම දැලට අසුකරගෙන කොටින්ව තම පාලනයතුල යළි සංවිධානය කර ගැනීමේ කටයුත්තට කලයියන් උපයෝගිකරගෙන තිබේ.
කොටි කණ්ඩායමක් යළි උදාකර තම පාලනය යටතේ තබාගෙන කටයුතු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශය සැලසුම් කර තිබුණි. මෙමඟින් ශ්‍රී ලංකාවතුල සහ ඩයස්පෝරා රටවලද කොටි ක්‍රියාකාරකම්, ත්‍රස්තවාදය තවඳුරටත් පවතින බව ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කිරීමට අපේක්‍ෂා කර තිබුණි.
කොටින් යළි සක්‍රියවනවා! ඔවුන්ව මැඩපැවැත්විය හැකි ශක්තිය හා හැකියාව තිබෙන්නේ මැදමූලන රාජපක්‍ෂවරුන්ට පමණක් බව පෙන්වාදීමෙන් දකුණු ලංකාවතුල දේශපාලනික බලය ස්ථීරකරගත හැකි බවට රාජපක්‍ෂ පවුල සිතාගෙන සිටියෝය. මෙයට කලයියන් නැමැති හිටපු කොටි බුද්ධි අංශ ක්‍රියාකරුව යොදවා ගෙන ඇති අතර ඔහු විසින් ගෝපිව මුලාකර ආණ්ඩුවේ අවශ්‍යතාවය සඳහා බිල්ලටදී ඇතයි පැවැසේ.
මීළඟට අප්පන් හෙවත් නවනීදන්ය, කොටි සංවිධානයෙන් ඔහුට ලබාදී තිබූ නම තිරු, ඔහු කොටි සංවිධානයේ කළු කොටි සටන්කරුවකි. අවසන් යුද්දයේදී පලාගිය ඔහු හමුදාවට අහුනොවී පුනරුත්ථාපනය නොලබා ජීවත්වී තිබේ. යාපනය පුන්නාලයි කට්ටුවාන් ප්‍රදේශයේ ජීවත්වූ ඔහු පුල් දේවන්ගේ සමීපතම ඥාතියකුද වේ. මෙවැනි තත්වයකදී, එ9 මාර්ගයේදී ගමන් කරමින් සිටි අප්පන්ව ශ්‍රී ලංකා බුද්ධි අංශය සමඟම තම කාලය ගෙවමින් සිටින කලයියන්ට හදිසියේ හමුවීමෙන් අනතුරුව සම්බන්‍ධකම පවත්වාගෙන ගොස් තිබේ. එහිදී තමන් කොටි සංවිධානය යළි ගොඩනඟන බවත්, හිටපු පුද්ගලයන්ව යළි එක්රැස් කරමින් සිටින බවත්, එයට සහයෝගය ලබාදෙන්නයි අප්පන්ටද හැඟීමක් ලබාදී ඉදිරි ආයුධ අරගලය ගැන විස්වාසයක් ඇතිකර, මෙයට විස්වාසවන්ත පුද්ගලයන් පුනරුත්ථාපනය නොලැබූ සටන්කරුවන් බව පැවැසූ කලයියන් කොටින්ව යළි එක්රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසද පවසා ති‍බේ
කොටි සංවිධානයේ බුද්ධි අංශ සටන්කරුවෙකු ලෙස සිටීම, පුනරුත්ථාපනය නොලබා දිගටම ක්‍රියාත්මකවීම, ත්‍රිකුණාමලයදීම රැඳී සිට ක්‍රියාත්මකවීම, යන කාරණා මත කලයියන්ගේ කොටි කථාව අප්පන්ද පහසුවෙන්ම විස්වාසකර තිබේ. මේ යටතේ ගෝපි සමඟ අප්පන්වද සම්බන්‍ධකර තිබේ.
මෙම කටයුත්ත කලයියන් හරහා ආරක්‍ෂක අංශය දියත්කළ අතරතුර එයට සමාන්තරව ගුවන් කොටි බලකායේ කටයුතුකළ දෙයිවීකන්වද බුද්ධි අංශය මඟින් ක්‍රියාත්මක කර තිබේ. ඔහු අවසන් යුද්දයෙන් පසු විදෙස් රටකට පලාගොස් ආරක්‍ෂාකාරීව සිටින බවට පවසා තිබූ නමුත් ඔහුද හමුදාව විසින් අත්තඩංගුවට ගෙන පුනරුත්ථාපනය ලබාගෙන ඇතයි පැවැසේ. ඔහු සමඟ පුනරුත්ථාපනයේ සිටි ප්‍රධාන කොටි සාමාජිකයකු, දෙයිවීකන් තමන් සමඟ පුනරුත්ථාපනය ලැබූ බව තහවරුකර තිබේ.
දෙයිවීකන් නැමැති මොහු අනුරාධපුරය ගුවන් පඨ ප්‍රහාරයට සහභාගිවූ ප්‍රධාන පෙල සටන්කරුවකු වන අතර කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ට ඉතා විස්වාසනීය පුද්ගලයකු ලෙසද කටයුතුකර තිබේ. මෙම තොරතුරු සියල්ල දැනගත් තත්වයකදී දෙයිවීකන් ආරක්‍ෂක අංශයේ දැලට අසුවී තිබේ. මේ යටතේ පුදුකුඩිඉරුප්පු ආසන්න ප්‍රදේශයක කොටි සංවිධානයේ නව ගුවන් යානා කොටස් අහුරා තිබීම සොයාගෙන තිබුණි. එය පෙන්වාදුන්නේ දෙයිවීකන් බවද පුනරුත්ථාපනය ලැබූ එම ප්‍රධාන කොටි සාමාජිකයා පවසයි. තවද ගුවන් කොටි බලකායේ පසුගිය කාලීන ක්‍රියා කටයුතු ගැනවූ බොහෝ තොරතුරු දෙයිවීකන් මඟින් ආරක්‍ෂක අමාත්‍යංශය ලබාගෙන තිබූ අතර ගුවන් යානා කොටස්ද සොයාගෙන තිබුණි. එයට ප්‍රති උපකාරයක් ලෙස දෙයිවීකන්ව නිදහස් කළ යැවූ බව පුනරුත්ථාපනය ලැබූ එම ප්‍රධාන කොටි සාමාජිකයා ග්ලෝබල් පුවත් සේවය වෙත පැවැසීය, කෙසේ නමුත් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිරීක්‍ෂණය යටතේ ඔවුන්ගේ වැඩ සටහනට අනුව දෙයිවීකන්ව ක්‍රියාකිරීමට ඉඩදී තිබූ අතර ඔහුට තම පවුලේ සාමාජිකයන් සමඟ වවුනියාවේදී රැඳී සිටීමට අනුමැතිය ලබාදී තිබුණු බවට යම් තොරතුරුවලින් අනාවරණයවී ඇති නමුත් එම තොරතුරුවල පැහැදිළි භාවයක් නොමැතිව තිබේ.
මේ අතර සාස්තිරි තම අන්තර්ජාල පිටුවේදී 2013-01-01 එනම් මාස 16කට පෙරදීම “පංගු බෙදිල්ල සහ ඝාතනයන්“ අවසන් කොටසදී දෙයිවීකන් ගැන මෙසේ සඳහන් කර තිබේ.


“ මෙය මෙලස තිබියදී අන්තර්ජාතීය ලේකම් කාර්‍යාලය මිළඟ ආයුධ අරගලය පැවැත්වීමට යන බව පවසා තිබෙන්නේ දෙයිවීකන් නැමැති පුද්ගලයාව ලවාය, දෙයිවීකන් නැමැත්තා කවුරුන්දැයි කෙටියෙන් බලමු, මොහු කොටි සංවිධානයේ මැද ස්ථානයේ සටන්කරුවකි. ගුවන් නියමුවෙක් ලෙස පුහුණුව ලබා ගැනීම සඳහා කොටි සංවිධානය විසින් නැගෙනහිර යුරෝපිය රටකට යවා ගුවන් නියමුවෙක් ලෙස අධ්‍යාපනය සහ පුහුණුව ලබා ගැනීමෙන් පසු යළි වන්නියට ගෙන්වා කොටි සංවිධානයේ අභ්‍යන්තර බුද්ධි අංශ කටයුතුවලට සම්බන්‍ධකරවා තිබුණි. අවසන් යුද සමයේදී සැපයිම්කරු ලෙසද ඔහුව පත්කර තිබූණි. කොටි සංවිධානයේ අවසන් උත්සහයවූ ආනන්දපුරම් සටන පැවැති අවස්ථාවේදී එයට කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ම සිය සෘජු අධික්‍ෂණය මත මෙහයවූ අතර එය පරාජයවීමෙන් කොටි සංවිධානයේ ප්‍රධාන පෙල නායකයන් සහ සටන්කරුවන් දහස් ගණනින් මියගිය අතර ප්‍රබාකරන් දිවි බේරාගෙන තිබුණි.
එම සටන සඳහා අතිරේක ආයුධ හා තුවාලවූවන්ට හදිසි ප්‍රතිකාර ද්‍රව්‍යද ලබාදෙන්නයි යුද පිටියේ සිටි ප්‍රධානීන් දෙයිවීකන්ව සම්බන්‍ධ කරගැනීමට තැත්කළ විට තම සම්බන්‍ධතා සියල්ල විසන්ඳිකර අතුරුදහන්වූ මොහු යළි 2010 ජනවාරි මස වනවිට ඉන්දියාවේ මදුරයිවල ගැවසීමට පටන්ගෙන තිබුණි.
ඔහු සමඟ පිටස්තර බුද්ධි අංශයේ පුහලේන්ති, තෙන්නවන් නැතිනම් කරිකාලන්ද මදුරයිවල රැඳී සිට කොටින්ගේ අන්තර්ජාතීය කාර්‍යාල විදෙස් ශාඛාවන් සමඟ සම්බන්‍ධතාවන් ඇතිකරගෙන තමන් තවමත් සටන්කරුවන් සිය ගණනක් සමඟ වන්නි කැලෑවතුල සිටින බවත්, අනිත් පැත්තෙන් නැගෙනහිර පළාත් කැලෑවතුල රාම්ද තමන් සමඟ සම්බන්‍ධතාවයේ සිටින බවත්, රාම්ගේ නායකත්වයෙන් ඉදිරි සටන පවත්වාගෙන යෑමට ආයුධ සහ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සඳහා මුදල් ඉල්ලා තිබුණි. එයද විස්වාසකර අන්තර්ජාතීය කාර්‍යාලයද මුදල් යවා තිබුණි.
එම කාල වකවානුවේදී තෙන්නවන් හෙවත් කරිකාලන්ද මා සමඟ සම්බන්‍ධවී කථාකර තිබුණි. මුදල් යවා තිබූ අන්තර්ජාතීය කාර්‍යාලය කිසිම ප්‍රහාරයන් සිඳු නොවීමෙන් රැවටීමට පත්වී රාම්ට අමතා මෙහි ජනතාව විස්වාස කර මුදල් එවීමට නම් යමි ප්‍රහාරයක් එල්ලකළ යුතු බවත් එලෙස ප්‍රහාරයක් දියත්කරන ලෙසද ඉල්ලා තිබුණි. නමුත් මෙතෙක් කලක් නායකයාගේ අණ පරිදි තමන් සටන මෙහයූ බවත් විදෙස් රටවලින් එන නියෝගයට තමන්ට ක්‍රියාකළ නොහැකි බවත් නායකයාගේ අණ ලැබෙනතෙක් තමන්ට කිසිවක් කළ නොහැකි බවද පැවැසූ රාම් දෙයිවීකන්ගේ සම්බන්‍ධතාවයද තමන්ට නොමැති බව ඔවුන්ට පවසා තිබේ. පසුව රාම්ට හා මා අතර පැවැති සාකච්ඡාවේදී එය ගැන පවසා තිබුණි. එම කාලයදී තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කාලගුණික හේතුවකින් වනාන්තර ප්‍රදේශයක වැටී අනතුරකට පත්වී තිබුණි. එය රාම්ගේ ප්‍රහාරයක් බවට විදෙස් රටවල ප්‍රචාරය කිරීමටද අන්තර්ජාතීය කාර්‍යාලය තැත්කර තිබුණි.
ඉන්පසු කෙටි කලක් දෙයිවීකන්ගේ සම්බන්‍ධකම නොමැතිව තිබූ අතර තෙන්නවන් ප්‍රංශයට පැමිණීමෙන් පසු යළි අන්තර්ජාතීය හා පසුගිය කාලීන ජාත්‍යන්තර ජාලයට අයත් පුද්ගලයන් සමඟ සම්බන්‍ධකම ඇතිකර ගනියි. එවිට මා සමඟද යළි සම්බන්‍ධතාවයක් ඇතිකරගෙන තිබුණි. මොහු තමයි දැනට අන්තර්ජාතීය කාර්‍යාලයට එක්වී දෙයිවීකන් විසින් මීළඟ ආයුද අරගලය මෙහයවීමට හැකි බව පවසා ඔවුන්ට විස්වාසය ඇතිකර දෙයිවීකන් සමඟ සම්බන්‍ධකමක් ඇතිකරදී තිබේ. ආයුධ අරගලය පවත්වන්නේද? නැද්ද? අන්තර්ජාතිය ජනතාව.... දෙයිවීකන් අන්තර්ජාතිය රවට්ටන්නේද යන කාරණාව ගැන සොයා බැලුවේ නම්, අවසන් වරට මාවිරු දිනයේදී යාපනය සරසවි ගැටළුවෙන් පසු යාපනයේ සිසුන් බොහෝ දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබුණි. අනතුරුව තමිල්නාඩුවේදීද අත්තඩංගුවන් කිහිපයක් සිඳුවූ බවට පුවත් පලවී තිබුණි. නමුත් එහි පසුපස සිටි දෙයිවීකන් සහ පුහලේන්දිද තමිල්නාඩුවේදී මුදුරයිවල නිදහසේ සැරි සරමින් සිටියි, එනම් ඉන්දියාවේ ශ්‍රී ලංකාව වෙතවූ ඊළඟ ආධිපත්තියට දිගටම බිලිවන්නේ අපිද? එයට අනුග්‍රහය ලබා දෙන්නේ කොටින්ගේ විදෙස් ශාඛාවන් වන අන්තර්ජාතිය කාර්‍යාලයද? මෙය ප්‍රශ්ණයක් පමණි, පිළිතුර මා දන්නේ නැහැ, කාලය පිළිතුරු ලබාදෙයි“ යැයි සාස්තිරි 2013 ජනවාරි මස ලිවූ දැයට 2014 අප්‍රේල් මස 11 වැනි දින ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශය පිළිතුරු ලබාදී තිබේ.


මෙය සියල්ල මෙලෙස කම්පා සහගත තොරතුරු සමඟ තිබියදී, අප්‍රේල් 11වැනි දින සිද්ධියෙන් ඝාතනයවූ බවට පැවැසෙන තවත් පුද්ගලයකු වන කුරුනෑගල ප්‍රදේශයේ දෙමළ බුද්ධි අංශ නිළධාරියා දෙයිවීකන් සම්බන්‍ධ කටයුතු අධීක්‍ෂණය කරමින් සිටි බව පැවැසේ. කොක්කාවිල් කඳවුරේ කටයුතු කළ එම බුද්ධි අංශ නිළධාරියා කොටි සංවිධානයේ බුද්ධි අංශ කටයුතුවල නිරතවූ බවට පැවැසේ. එම හේතුවෙන් ඝාතනයවූ තිදෙනා සම්බන්‍ධ කරුණු හා තොරතුරු කිසි දිනක ප්‍රසිද්ධ නොවිය යුතුයි යන කාරණාව මත සියළු දෙනාවම එකවරම ඝාතනය කර ඇතයි තොරතුරු හෙලිවී තිබේ.
මෙහිදී තවත් කරුණක් පෙන්වාදීමට තිබේ. වෙඩි වැදී ඝාතනයවූ ඉකුත් හමුදා බුද්ධි අංශ නිළධාරියා තමන් කොටි සංවිධානයේ සටන්කරුවෙකු බවත්, හමුදාවේ තර්ජනය නිසා හමුදාව වෙනුවෙන් කටයුතු කරන බව පවසා ඇති බවත්, කොටි සංවිධානය යළි සක්‍රියකර අරගලය කළ යුතුයි යන උද්වේගය දෙයිවීකන් ඇතුළු තිදෙනාට ලබාදුන් බවට ඔවුන් සමඟ සම්බන්‍ධ පාර්ශවයන් පවසයි.
මේ යටතේ කොටින්ව යළි ගොඩනැගීම සඳහාවූ වැඩ පිළිවල තිදෙනා විසින් සැලසුම් කර තිබේ. එහි ප්‍රථම කොටස ලෙස අත් ප්‍රත්‍රිකාවන් මුද්‍රණයකර අලවීමේ කටයුතු ඇතුළු දැය ආරම්භකර තිබේ. මේ අතර ඉන්දියාවේ සිටි කලයියන්ගේ පවුලද ගෙන්වා ත්‍රිකුණාමලයදී පදිංචිකර තිබේ. නගරාසන්න ප්‍රදේශයේදී අධික මුදලක් ගෙවා නිවසක් කුලියට ගත් අතර වාහන මිළඳී ගැනීමතුලින් කලයියන්ගේ ක්‍රියා කටයුතු ගැන අප්පන්, ගෝපිට සැකයක් මතුවී තිබේ. මේ අතර කලයියන්ට ඩයස්පෝරාවලින් අධික වශයෙන් මුදල් ලැබෙන බවද අප්පන් තම මිතුරුන් වෙත පවසා තිබේ.
ඉන් අනතුරුව ඉකුත් තිදෙනා ස්වෙච්ඡාවෙන් කටයුතු කිරීමට තීරණය කළ බවත්, පුනරුත්ථාපනය ලබා නිදහස්වූ බොහෝ දෙනෙකු සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බවත්, පසුව අත්තඩංගුවට පත්වී නිදහස් කළ 65 දෙනා අතර ඔවුන්ද ඇතුලත් බවද පැවැසේ. මෙම ක්‍රියා කටයුතු ශ්‍රි ලංකා හමුදාවට හා කලයියන්ට දැඩි කෝපයක් ඇතිකර තිබේ. මේ ගැන කලයියන් තමන්ට සමීපතම කෙනෙකු පවසද්දී “ අපි හැදූ මොවුන් දැන් අපිටම කොකා පෙන්වා තනිව කටයුතු කිරීමට උත්සහ කරනා“ යැයි පවසා තිබේ.
හේතුව කලයියන් හරහා කොටින්ව යළි සම්බන්‍ධ කිරීමතුලින් ඔවුන්ව තම පාලනය යටතේ තබාගත හැකි බවට හමුදාවත්, ගෝපි, අප්පන්, දෙයිවීකන් මඟින් ක්‍රියාන්විත රැසක් මෙහයවීමෙන් ඩයස්පෝරා සංවිධානවලින් අධික මුදලක් උපයාගත හැකි බවට කලයියන්ද විස්වාස කර තිබුණි. අනිත් පැත්තෙන් මෙලෙස ඇති කරන සංවිධානයට හිටපු කොටි සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය කෙතරම්දැයි විමර්ශණය කිරීමය.
කොටින් යළි සක්‍රියවූයේ නම් ජනතාවගෙන් ලැබෙන සහයෝගය කුමක්ද? මානසිකත්වය කුමක්ද? යැයි දැන ගැනීම, ඩයස්පෝරා සංවිධාන ක්‍රියාකරුවන් සහයෝගය ලබාදෙන්නේ කෙසේද? කොටින් විසින් සඟවා ඇති දේපළ හෙළිවෙයිද? යන කෝණවලින් රාජ්‍ය පාර්ශවය ප්‍රයෝජනය ලබා ගැනීමට සිතාගෙන සිටි අතර එයින් සුළු ප්‍රයෝජනද ලබාගෙනත් තිබේ.
මෙවැනි තත්වයකදී දෙයිවීකන් හමුදාව යටතේ දිගටම ක්‍රියා කළ නමුත්, කලයියන්ගේ හා හමුදාවේ වැඩ පිළිවල පැහැදිළිකර, හඳුනාගෙන ගෝපි හා අප්පන් තනිව ක්‍රියා කිරීමට පටන්ගෙන තිබේ. මෙවැනි අවස්ථාවක කලයියන් හා හමුදාවගෙන් ඉවත්වී සම්බන්‍ධකම් නවතා දැමූ තැන ඔවුන්ව අත්තඩංගුවට ගැනීමට හමුදාව වැටලීම් මෙහයුම් දියත්කර තිබේ. විශේෂයෙන් වට්ටුකෝට්ටයි වැටලීමේදී මන්නාරමේ පුද්ගලයකුව අත්තඩංගුවට ගෙන තිබුණි. පසුදා එම ප්‍රදේශයේදී අප්පන් යතුරු පැදියකින් ගමන් කළ බවත් පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයා ගෝපි විය හැකි බවද පැවැසේ. හමුදාව වැටලූ ප්‍රදේශයට ගොස් සැඟවී සිටීමෙන් අනතුරක් නොමතැයි සිතා විශාල මළු සමඟ ගොස් ඔවුන් රැඳී සිටි බව පැවැසේ.
මෙවැනි තත්වයකදී, වන්නිය, යාපනය, වට්ටුකෝට්ටයි, සිත්තන්කේනි යන ප්‍රදේශවල කළ සෝදිසි වැටලීම්වලින් අනතුරුව ගෝපි සහ අප්පන් අත්තඩංගුවට පත්වී තිබේ. ගෝපි මිය යෑමට දින තුනකට පෙරදීම (08-04-2014) ඔවුන් අත්තඩංගුවට පත්වීම තමන් තහවුරු කළ බව යාපනයේ ප්‍රවීන මාධ්‍යවේදියකු පවසා තිබේ. තවත් හිටපු කොටි සාමාජිකයකුද ඔහුගේ අත්තඩංගුව තහවුරු කර තිබේ. ඔවුන් සමඟ තම යටතේ සිටින දෙයිවීකන්වද ඝාතනයවීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව (10-04-2014) දින රාත්‍රීයදීම ඔවුන් අසලම වෙඩි තබා ඝාතනය කෙරුණි නමුත් පසු දින උදෑසන විශාල හමුදා සෙබළුන් ඉදිරිපත්ව දැවැන්ත ප්‍රහාරයක් සිඳුකළ උණුසුමත් සමඟ මාධ්‍ය සමුළුවට සඳහා ඡායාරූපද සමඟ 11 වැනි දින 8.30ට පමණ ගෝපි, අප්පන්, දෙයිවීකන් යන තිදෙනා ඝාතනයවූ බවත් තම පාර්ශවයෙන්ද එක් අයකු මියගිය බවත්, උතුර සහ දකුණේදී හමුදා බුද්ධි අංශය මඟින් තොරතුරු නිකුත්කර තිබුණි.
ඝාතනයවූ පසු ඔවුන්ගේ මළසිරුරු මුල්ලතීව්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයන් පසුකර පදවිය රෝහලට යවා, එහිදී මරණ පරීක්ෂණය සිඳුකර, විනිසුරු විභාගයද අනුරාධපුරයට ගෙන ගොස් නාටකය නිමාවට පත් කෙරුණි. එපමණක් නොව මළසිරුරු ඥාතීන්ට ලබා නොදී රාජ්‍ය වියදමින් මිහිදන් කර තිබේ.
ආණ්ඩුවේ සහ හමුදා, බුද්ධි අංශයේ සියළු කටයුත්තම මෙම ඝාතනයන් සමූහ ඝාතනයක් බව සිහිපත් කරන අතර කොටි සංවිධානයෙහි හිටපු ප්‍රධානියකු වන කරුණා අම්මාන් හෙවත් අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසා තිබුණා, “ ජනීවා අවසන්වූ පසු එක්කෙන් දෙන්නෙකුට යාපනයේදී වෙඩි වැදෙයි“ යැයි මාස තුනකටම පෙරදීම පවසා සිටි බව පවසා තිබේ. එනම් රජය ඔවුන්ව බිලිදීමට සැලසුම් කර තිබීම කරුණා අම්මාන් පෙරාතුවම දැනගෙන තිබේ.
මෙමඟින් බොහෝ දෙනෙකුගේ සැකය එයටත් එහා පැවැති විවාදයන් ශ්‍රී ලංකා රජයේ විකට ක්‍රියාවන්තුලින් නිසි පිළිතුර හා පැහැදිළිකමක් ප්‍රසිද්ධකර තිබේ.
උපුටා ගැනීම - ග්ලෝබල් ටැමිල්

විරාගික වූ අරවින්ද

Posted by srilanka guardian | | Posted in , ,


ශෂිකලා පුංචිහේවා 

        සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .

'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

         තනිව ජිවත් වූ ඔහු අවසන තනිකමෙන්ම පෙළෙන්නට විය , කැමති කිසි දෙයකට එළිපිට කැමැත්ත ප්‍රකාශ නොකළේය . ඇතින් හිද සියලු දේ , දකින්නට පුරුදු විය , මෙය ඔහුගේ චිත්ත අභ්‍යන්තරයයි .

'...........මගේ මේ ආත්ම චරිතයෙහි අවසානය කියවන ඔබ , මා , ව්‍යවහාරය නොසලකා නුවනින් තොරව ජිවත්විමෙහි ප්‍රතිපලයක් වශයෙන් අවසානයෙහි දුක් අනුභව කල එකෙකියි සිතනු නිසැකය . මම කිසි විටෙක එසේ නොසිතුවෙමි............... '. 

       අරවින්ද දුක වින්දේය . ජීවිතය විදිනවා කියා , විදෙව්වේය . එය ඔහු දනී , එහෙත් සියල්ල ඉවසුවේ , කුමන සැනසිල්ලකටද කියා ඔහුවත් දැන සිටියේ නැත . ඔහුගේ හැගීම් වල යථාර්තවදී බවක් තුබුණේ යයි , නොසිතෙන්නේ , අවසානයේ ඔහු මියගියද , ජීවිතය අර්ථ ශුන්‍ය වීමෙනි .

' ...........මා  මේ ජීවිතය ප්‍රිය කරන්නට වුයේ , ඇ නොලැබුන නිසා නොව , ඇ නිසා මා තුල හට ගත්තේ , රාගයක්, ආලයක් නොව ආසාවට එක්වුණු අද්භූත හැගීමකි . විරාග රාගයකි........... '. 

      අරවින්ද ආදරය දැන සිටියේය . එහෙත් කිසිවක් ලංකර ගැනීමේ ආශාවක් ඔහු තුල නොවිය . රාගය , දැනිණි , එහෙත් වියුක්තව සිටීමට ඔහුගේ හැගීම් ඔහුට වඩා ප්‍රබලවිය . එනිසා සදාකල් තනිකඩව සිටින්නට සිදුවුනි .

'.............ලෝකය ගැන නොසිතා අවංකව ජිවත් වන්නට වෑයම් කරන්නා ඔවුන්ගේ නින්දා  පරිභව ඉවසිය යුතුය . නොඑසේ නම් ගතානුගතිකව ජිවත් විය යුතුය ...........'.  

     අවට ලෝකය ගැන අරවින්දට කිසිදු හැගිමක්ද නොවිය . අරවින්ද අවංක අයෙකි , එහෙත් , බෙහෙවින් ශිලාචාර ගති ඇත්තෙකු වන්නට පරිසරය බලපාන්නට ඇති බව , කතාව තුලින් විද්‍යමාන නොවිය . අරවින්ද පරාජිතයෙකු යයි , අපට පොදුවේ නිගමනය කල හැක්කේ , ඔහු ලද ජයග්‍රහණ කිසිවක් නොවූ බැවිනි . ඔහු වෙනුවෙන් ඉතිරි වූ කිසිවෙකුත් නොවුයෙනි , මේ තුල ජීව විද්‍යාත්මක සමාජ පරිණාමයක් දැකගත නොහැක . අරවින්ද සදාකල් නිහඩය ගුප්තය.....

VIDEO

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.