Headlines
Published On:Thursday, June 16, 2011
Posted by election

චැනල් 04 එල්.ටි.ටි.ඊ යෙන් අල්ලස් අරන් - ගෝටා

ආරක්ෂක අමත්යන්සයේ ලේකම් ගොටබය රාජපක්ස බ්‍රිතානයේ චැනල් 04 ප්‍රවුර්ති චැනලය ප්‍රසිද්ද කල වීඩියෝ පටය අසත්‍යක් බව කියා ප්‍රතික්ෂේප කරයි. හෙතෙම වැඩි දුරටත් කියන්නේ චැනල් 04 මේ සදහා එල් ටි ටි ඊ හිතවතුන් ගෙන් මුදල් ගෙන ඇති බවයි.


චැනල් 04 ආණ්ඩුවේ සහ හමුදා වල ප්‍රතිරූපය හානි කිරීමට උත්සහ කරන බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටි.

යුද්ද සමයේ ආණ්ඩුවේ හමුදා සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට කටයුතු කල බවත් ඔවුන්ට කිසිදු හානියක් නොකළ බවත් හෙතෙම කියා සිටි.

ඔහු මෙයට උදාහරණ ලෙස ගන්නේ මුහුදු කොටි නායක සුසෙයිගේ සහ දේශපාලන අන්ස නායක චමිල් චෙල්වම්ගේ වන්දබුවන් සහ පවුලේ යුදවියට යුද සමයේ සහ ඉන්පසුව ආරක්ෂාව සැපයීමත් මියයන තුරුම එල් ටි ටි ඊ නායකයාගේ දෙමාපියන්ට ආරක්ෂාව සැලසිමත්ය.

අපට යුද අපරාද පිළිබද චෝදනා එල්ල වී ඇති ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්ගෙන් සහ ආණ්ඩුවේ ප්‍රදනියා වූ ජනාදිපති රාජපක්සගේ සොහොයුරාගෙන් මිට වැඩි දෙයක් හෝ මිට පරස්පර ප්‍රකාශයක් බලාපොරොත්තුවීම අපේම අනුවනකමයි.


එහෙත් ආණ්ඩුවේ පැත්ත පමණක් අනාවරණය කරන ප්‍රවුර්ති පල කරන චැනලයන් සදහා පමණක් ප්‍රවේශය ඇති රටක ජනයා මෙයින් මුලාවට පත්වීම ඔවුන්ගේ වරදක් නොවේ.

ඩේලි මිරර් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා



Tell a Friend

About the Author

Posted by election on 10:49 AM. Filed under , , , , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By election on 10:49 AM. Filed under , , , , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.