Published On:Thursday, June 16, 2011
Posted by election
මාව රත්වූ ස්ත්රිකයකින් පිලිස්සුවා - බවානි
වාකරයිහි කාන්තාවකට සවුදි අරාබියේ ඇගේ සුවමියා විසින් දරුණු වදහින්සාවට ලක් කර ඇත. මෙනිසා ඇය බරපතල ලෙස අංගවිකල තත්වයට පත්ව තිබේ. ඇයව විදේශ සේවා නියුක්ති කාර්යාලයේදී ඇගේ ඥාතීන්ට සදුදා බාරදී ඇත. ඇය දෙදරු මවක් වන මනෝහාරී බවනිය. 2003 ජුනි මස ඇය සෞදි අරබියාවට ගියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමටය.සියලු ගැටළු ඇතිවුයේ ඇය වසර දෙකකට පසු තම ශ්‍රමයට හිමි වැටුප ඉල්ලා සිටි විටදීය. ඇයව උඩු යටිකුරු වනසේ එල්ලා තැබිණි. ඇගේ ඇස් වලට යම් රසායන ද්‍රවියක් වක් කරන ලදී. ඇගේ කොණ්ඩයට ගිනි තැබීමේ ප්‍රතිපලය වුයේ ඇගේ කන් පිලිස්සිමය. ඇය තමාව රත් වූ ස්ත්රිකයකින් පිලිස්සු බව කියා සිටින්නීය.
ඇයට කිසිවෙක් හා කතා කිරීමට ඉඩ දී නැත. කෙසේහෝ ඇය පොලිසියට පැමිණිලි කල විට ඔවුන් කල එකම දෙය ඇයව නැවතත් සුවාමියාට බාරදීමය. එහි ප්‍රතිපලය ඇය තව දුරටත් වදහින්සාවට පාත්‍රවීමය.
ඩේලි මිරර් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා










