Headlines
Published On:Thursday, June 16, 2011
Posted by election

සුදු කොඩි නඩුවට දරුස්මාන් වාර්තාව ගැන ප‍්‍රශ්න කිරීමට අවසර

සුදු කොඩි නඩු විභාගයේදි දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න විමසීමට කොළඹ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල අද (16) අවසර ලබාදුන්නේය.
මෙම අවසරය ලබාදුන්නේ විත්තියේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කළ ඉල්ලීමකට අනුවය.

මහාධිකරණ නියෝගයකට අනුව දරුස්මාන් වාර්තාවද රැුගෙන අධිකරනයේ පෙනී සිටි විදේශ කටයුතු ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගේ නියෝජිතයෙකු වන එම අමාත්‍යංශයේ එක්සත් ජාතින් හා බහුපාර්ශවික අංශයේ අධ්‍යක්ෂ සී.ඒ.එච්.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අද එක් ප‍්‍රශ්නයක් විමසා සිටියේය.

එහිදී ද සන්ඬේ ලීඩර් කර්තෘවරිය වන ෆෙඞ්රිකා ජෑන්ස් හා සරත් ෆොන්සේකාගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් මෙම වාර්තාවේ කිසියම් තැනක සඳහන්ව ඇත්දැයි ලද්දුවහෙට්ටි මහතා විජේරත්න මහතාගෙන් විමසීය.

විජේරත්න මහතා එහිදී කියා සිටියේ එවැනි කිසිදු කාරණාවක් එහි අඩංගුවී නොමැති බවයි.

පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් භුවනෙක අළුවිහාරේ මහතා ද විජේරත්න මහතාගෙන් ප‍්‍රශ්න කළ අතර ඔහු විමසා සිටියේ අදාළ කමිටු වාර්තාව සකස් කිරීමට එම සම්මුඛ සාක‏ච්ඡාවේ කිසියම් හෝ බලපෑමක් ඇතිවී ඇත්දැයි විමසීය.

විජේරත්න මහතා ඊට පිළිතුරු දිය නොහැකි බව පැවසීය.

මීට පෙර අද මෙම නඩුව කල්තැබීමට පෙර සුදු කොඩි නඩු විභාගයට දරුස්මාන් කමිටු වාර්තාව සාක්ෂියක් ලෙස ලබා ගැනීමට විත්තියේ නීතිඥවරයා විසින් කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේය.

මෙම නඩු විභාගය ජුනි 23 වැනිදාට කල් තැබුණු අතර, එදිනට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා ඈෂ්ලි හල්පේ යන මහත්වරුන්ට මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළේය.

Tell a Friend

About the Author

Posted by election on 4:05 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By election on 4:05 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.