Headlines
Published On:Thursday, June 16, 2011
Posted by election

දරුස්මාන් ආරම්බය පමණක් නොවේ.

හර්ෂි සි. පෙරේරා
සියල්ල නැවතත් උණුසුම්ව ඇත. ඒ චැනල් 04 වීඩියෝ පටයත් සමගය. මේ අතර ඊයේ වනතෙක් මෙය නැරබුවේ නැති බැන්කි මූන් එක්සත් ජාතින් 2009 මැයි මස නිමාවට පත්වූ ශ්‍රී ලංකාවේ යුද්දය සම්බන්දයෙන් සිය බුමිකාව ගැන පසු විපරමක යෙදෙන බව පවසයි.

දරුස්මන් වාර්තාව යුද අපරාද සිදු වුවද නැද්ද යන්න සම්බන්දයෙන් මෙන්ම මෙරට ජාතින් අතර සංහිදියාවක් සදහා හොද ආරම්බයක් ලබා දෙන ලදී. චෝදනා සාදාරණද නැද්ද යන්න පිළිබද විනිශ්චයකින් තොරව සාමයක්‌ ගැන මෙන්ම අනාගතයේ එවන් බිහිසුණු අත්දැකීම් වලක්විමෙලා කටයුතු කරනු ලැබීම හුදු මවාපැමකි. 88 - 89 දකුණේ බිශනයේදී වරදකරුවන් සොයා දඩුවම් දුන්නේ නම් එවන් වියසනයක් උතුරු සහ නැගෙනහිර ඇති නොවීමට ඉඩකඩ තිබිණි.

රට තුල උතුරද දකුණද යන්න වෙනසක් නොමැතිව ආතති තත්වයක් පවතියි. ප්‍රවීන මාද්‍යවේදී ලසන්ත ගාතනය සහ මද්යාවේදී එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ගැන සාදාරන විමර්ශනයක් කරන බව නොපෙනේ. කටුනායක පොලිසිය විසින් මරාදැමු රොෂේන් සම්බන්දයෙන් යුක්තිය ඉටු කරන තරාදියේ එක පැත්තක ඇත්තේ ලේ තැවරුණු සල්ලිය. පොලුගත් මැරයෝ විදි බසිමින් සිටිති. රටේ ඉහලම අදිකරණයේ නියෝගයද නොසලකා උතුරේ මිලිටරිකරණය එහි ජන සංගණනයක යෙදෙයි.

රටේ යුක්තිය සහ නිතිය සිය මළගම කරා ආසන්න වෙමින් තිබේ. මේ ගැන කටයුතු කිරීමට දරුස්මාන් වාර්තාව හොද ආරම්බයකි. එයින් ආණ්ඩුවට පමණක් නොව එල් ටි ටි ඊ යටද චෝදනා එල්ලවී ඇත. ඒ වගේම එක්සත් ජාතීන්ගේ බුමිකාව සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ බුමිකාවද එමගින් ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව එහි ඇමතිවරයෙක් ප්‍රකාශ කල ආකාරයට දරුස්මාන් වාර්තාව සිංහලට සහ දෙමළට පරිවර්තනය කර සාමාන්‍ය ජනතාව අතට පත් කල යුතුව ඇත. එක්සත් ජාතීන්ද ශ්‍රී ලංකාව සම්බන්දයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුය. ආණ්ඩුව මේවන විට බැන්කි මුන්ගේ දෙවන දුර කාලයට සහය දෙන බව පවසයි. එබැවින් බැන්කි මුන් සාදාරන පසු විපරමකින් පසුව ගුනියාවේ ප්‍රචණ්ඩත්වය සහ පකිස්ථානයේ හිටපු අගමැති බෙනාසීර් බුටෝ ගාතනය සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන ආකාරයට සුදුසු පර්ක්ෂණයක් ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ඇරබිය යුතුව ඇත.




Tell a Friend

About the Author

Posted by election on 3:37 PM. Filed under , , , , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By election on 3:37 PM. Filed under , , , , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.