Headlines
Published On:Tuesday, August 7, 2012
Posted by Sri Lanka Guardian

ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්


අපචාර හා අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයට පමුණුවා ඇති පළාත් පාලන ආයතන නියෝජිතවරුන් සිව්දෙනෙකුගේ පක‍්ෂ සාමාජිකත්වය හා ඔවුන් දැරූ තනතුරු අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර ගෙන තිබෙන පුවතට පසුගියදා මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන්නා.

ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අමත්‍යතුමා විසින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ඔවුන් දැරූ තනතුරුද අහෝසි කීරීම ඉවත්කොට ඇති බවටයි එම පුවත් වලින් කියවුනේ.

ඒ අනුව අධිකරණ චෝදනාවලට ලක් වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප, තංගල්ල නගර සභා නාගරික මන්ත්‍රී බී.එල් අංජන කුසුම් රුවන්, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එච් සුනිල් සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපති මුනිදාස ගමගේ යන අයගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක‍්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබුණා.

එම පුවත රජයේ නිල වෙබ් අඩවියේ දැක්වුනේ මෙලෙසින්

නමුත් එසේ පවසා සති දෙකක් ඉක්ම යෑමටත් පෙර තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමත් ඔහුගේ බිරිඳ දූෂණය කිරීමටත් (දූෂණය කිරීම පොලිස් සටහන් පොත් වලින් ඉවත් කර තිබුණි) සිදු කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප ට හදිසියේම එම අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව සභාපතිධූරයත් නැවත ලබාදීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ අදාල සභාපතිවරයාට මේ පිළිබඳව ලිඛිතව දන්වා ඇති බවයි.

තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීම යනු ඔහුගේ පළමු ඝාතනය නොව දෙවන මනුෂ්‍ය ඝාතනයයි. පසුගිය වසරේ ජනවාරි 12 වෙනිදා හම්බන්තොට පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකට ගමන් කරමින් තිබූ බස් රථයකට වෙඩි තැබුවේද මෙම සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණයි.

එම ඝාතනය සඳහා චන්ද්‍රපුෂ්ප විදානපතිරණ හා සමීරනැමැත්තෙකු බජාජ් වර්ගයේ මෝටර් සයිකලයකින් පැමිණ ඇති අතර එම මෝටර් සයිකලය පදවා ඇත්තේ සමීර නැමැත්තා විසිනි. වෙඩි තබා තිබුනේ ටී56 වර්ගයේ ගිනි අවියකිනි. වෙඩි වැදීමට ලක්වූ 64 හැවිරිදි කුසුමාවතී කුරුප්පුආරච්චු නම් කාන්තාව මියගියේ මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.

මේ අනුව, තම දේශපාලන බලය උපයෝගී කරගන කාන්තාවන් 400ක් සමඟ සංසර්ගයේ යෙදුනු, ලාබාල දැරියන් දූෂණය කළ අකුරැස්සේ සාරුවා සුනිල්ට තවත් මාස කීපයකින් නැවත් එම තනතුර ලැබුනද පුදුම විය යුතු නැත. (from gossip9)

About the Author

Posted by Sri Lanka Guardian on 8:41 PM. Filed under , , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By Sri Lanka Guardian on 8:41 PM. Filed under , , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.