Headlines
Published On:Tuesday, February 26, 2013
Posted by SriLanka Guardian

අවජාත ඇමති පුත්‍රයන් බැඳ දමනු


ඇමති පුත්‍රයන්ගේ මැර ක්‍රියා නිසා සාමාන්‍ය පොදු ජනතාවට පමණක් නොව පොලිසිය හමුදාවේ සාමාජිකයන්ටද ඔවුන්ගේ පවුල් වල උදවියටද දැන් ජිවත් වීමට සිදුවී ඇත්තේ බයෙන් සහ සැකයෙනි. අලුත්ම මැර ක්‍රියාව සිදු කොට තිබෙන්නේ මහත්මා දේශපාලනය ගැන බයිලා ගසන සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන ගේ නැහැදිච්ච පුතා විසිනි. මෛත‍්‍රීපාල සිරිසේන ගේ අවජාත පුත්‍රයා වන දහම් සිරිසේන  මාළු මාළු  හෝටලයේදී බීමත්ව නිරුවතින්  පින්තූර ගනිද්දී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යලංකාර සහ ඔහුගේ මව පසුබිමේ සිටි හෙයින් නිරුවත් පින්තූර වලට තමන් ද දර්ශනය විය හැකි නිසා එසේ පින්තුර, ගැනීම නොකරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ දී ඇමති පුත්  මැරයා - දහම් සිරිසේන විසින් අසේල වෛද්‍යලංකාර ට පහර දී බරපතල තුවාල සිදු කොට තිබේ. ඔහුගේ ජීවිතය අවදානමේ  පවතින බැවින්  මඩකළපුව රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇත.

 මිට පෙර මර්වින්ගේ මැර පුත්‍රයා වන මාලකද , එස් .බී  දිසානායකගේ පුත්තු ද , මහින්ද විජේසේකරගේ පුතාද , ජයලත් ජයවර්ධනගේ පුතාද මෙසේ පියවරුන්ගේ ඇමති පදවි වල හයිය අරගෙන මිනිසුන්ට පහර දී තිබේ . මේ එක සිද්ධියකදී වත් නිතිය ක්‍රියාත්මක වී, විත්තිකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත. ඒ නිසා දී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාටද ඒ මහතාගේ පුත් අසේල වෛද්‍යලංකාරටද සාධාරණය ඉටු නොවන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. මේ නිසා  නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතානෙනි දැන්ම සිට හිත හදා  ගැනීම මැනවි. ඔබට හෝ ඔබගේ පුතාට යුක්තිය ඉටු වන්නේ නැත.

 ලංකාවේ නිතිය සහ යුක්ති ධර්මයක් නැති නිසා   එලොවටත් මෙලොවටත් නැති මේ මැර ඇමති පුත්‍රයන් හිතෙන හිතෙන පුද්ගලයාට පහර දීමට , ගෙවල් වලට පැන ඇහැට කනට පෙනෙන තරුණියන් උස්සාගෙන යාමට  , ඕනෑම තැනක දේපොළ විනාශ කිරීමට නොපැකිලව ඉදිරිපත් වනු නිසැකය. මොවුන් නැවැත්වීමට ලංකාවේ නීතිය හයිය නැති නිසා යම් දිනක ග්‍රනේඩ් දෙකක් රැගෙන කොටියාගේ බුල්ඩෝසරයට පැන මරාගෙන මැරෙන ගටක් තිබු හසලක කුලරත්න වැනි පුද්ගලයෙකුට අකටයුත්තක් කළ  දිනට මේ කාලකන්නි ඇමති මැර පුතුන් බල්ලන් සේ වෙඩිකනු නොනුමානය. ඒ දිනයට රටේ නිතිය නැති නිසා අපේක්ෂා භංගත්වයෙන් සිටින ජනයාට පාරට පැන මල් වෙඩි පත්තු කොට  කිරිබත් කෑ හැක.

 අමිල ගුණරත්න

About the Author

Posted by SriLanka Guardian on 11:53 PM. Filed under , , , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By SriLanka Guardian on 11:53 PM. Filed under , , , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.