Headlines
Published On:Saturday, March 2, 2013
Posted by SriLanka Guardian

චැනල්4 වීඩියෝව තිරගත වෙයි

        ශ්‍රී ලංකාවේ පැවති යුද්දයේ දී සිදු වූ යුද අපරාද පිළිබද බ්‍රිතාන්යේ චැනල්4 නාලිකාව වැඩසටහන් ගණනාවක් නිර්මාණය කල අතර ඔවුන්ගේ නවතම චිත්‍රපටය ජිනීවා හිදී ප්‍රදර්ශනය විය. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සමගාමීවය, කෙසේ නමුත් එහි සිටින ශ්‍රී ලංකාවේ නිතිය නියෝජිත රවිනාත ආරියසිංහ  පෙර සදහන්  කර තිබුනේ  අදාල චිත්‍රපටිය තිර ගත කිරීම වැලක් වීම සදහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගෙනතිබෙන බවයි, එයට ලංකවේ රාජ්‍ය මාධ්‍යද පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණි. නමුත් රවිනාත ආරියසිංහගේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග සාර්ථකව  පල දරමින් චැනල්4 වීඩියෝව සමළුව පැවැත්වෙන ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය විය. ප්‍රදර්ශනය වීමෙන් පසු රවිනාත ආරියසිංහ ප්‍රකාශ කලේ තමන්ද එය නැරබු බවත් සමළුව පැවැත්වෙන ගොඩනැගිල්ලේ පුංචිම කාමරයක 200ක් පමණ එය නැරබු බවත්ය.
            කෙසේ නමුත් චැනල්4 චිත්‍රපටිය නැරබු රාජ්‍යතාන්ත්‍රිකයන් වැඩි පිරිසක් ප්‍රකාශ කර තිබෙනේ මේ සම්බන්දව  නිසි අවදානය යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබදව වන අතර චිත්‍රපටියේ නිර්මාපකයන් එහි ඇති නිර්වියාජ බව පිළිබද කරුණු දක්වා තිබේ.

About the Author

Posted by SriLanka Guardian on 12:11 PM. Filed under , , , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By SriLanka Guardian on 12:11 PM. Filed under , , , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.