Headlines
Published On:Saturday, March 2, 2013
Posted by SriLanka Guardian

නිතියනම්.....


ශ්‍රී ලංකාවේ වර්තමානය ඉතාම ශෝචනීය තත්වයට පත්ව තිබේ, ලංකාවේ අද නිතිය යනු ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂ වුවකි. අසන්නතම සිදුවීම ඊයේ රාත්‍රී සිදු වූ අතර, බොදු බල සේනාව මහා වැටලීමක් සිදු කර වංචා සහගත ලෙස කටයුතු කල චීවරදාරියකු සහ එයට උපකාර කල පුද්ගලයන් දෙදෙනකු තම නීතියේ ග්‍රහණයට ගෙන තිබේ. වංචාවට දුෂනයයට එරෙහි සියලු දෙනා මෙය මහත් ඉහලින් අගය කරනු ලැබේ.

              නමුත් මේ ආකාරයෙන් කටයුතු කිරීමට මහා බල සේනාවට අවැසි අවසරය මාර රෙජීමය සම්පාදනය කර දී තිබේ. මෙම වංචාව හෙළි කිරීම පිළිබද අපට ගැටළුවක් නොමැති අතර නමුත් ප්‍රශ්නය වන්නේ රටේ පිළිගත් නීතික්‍රමයක් සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතන තිබියදී මෙවැනි බල සේනාවන් මේ අයුරින් ක්‍රියා කිරීම පිළිබදවය.

               මිට අසන්න දින කිහිපයකට ඉහත දී ජනාධිපති මහින්ද රාජපක්ෂද නියෝගයක් නිකුත් කලේ අත්අඩංගුවේ සිටි යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් නිදහස් කරන ලෙසයි. සිසුන් නිදහස් කිරීම පිළිබද ගැටළුවක් නොමැති අතර මේ අයුරින් තමන්ට සිතුමනාපෙට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නිදහස් කිරීමට හැකිවි  තිබෙන්නේ කෙසේද යන්න උභතෝකොටිකයකි.
                                                                                                                              අජන්ත ඉලේපෙරුම

About the Author

Posted by SriLanka Guardian on 9:30 PM. Filed under , , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By SriLanka Guardian on 9:30 PM. Filed under , , . Follow any responses to the RSS 2.0. Leave a response

OUR POPULAR STORIES

Archive

Powered by Blogger.